+ -

عن أبي مسعود رضي الله عنه قال: قال النبي صلى الله عليه وسلم:
«مَنْ قَرَأَ بِالْآيَتَيْنِ مِنْ آخِرِ سُورَةِ الْبَقَرَةِ فِي لَيْلَةٍ كَفَتَاهُ».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 5009]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
“කවරෙකු රාත්‍රියේ සූරා අල් බකරාහි අවසාන ආයත් දෙක පාරායනය කළේ ද ඒ දෙක ඔහුට ප්‍රමාණවත් වේ.”

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 5009]

විවරණය

කවරෙකු රාත්‍රියේ සූරා අල් බකරාහි අවසාන ආයත් දෙක පාරායනය කළේ ද, සැබැවින්ම අල්ලාහ් නපුර හා පිළිකුල් සහගත දෑ ඔහුගෙන් වළක්වනු ඇත. තවත් වාර්තාවක 'රාත්‍රියේ නැමදුම් කිරීමට එය ප්‍රමාණවත් ය' යනුවෙන් ද 'සෙසු ප්‍රාර්ථනාවන්ට එය ප්‍රමාණවත් වේ' යනුවෙන් ද 'සැබැවින්ම ඒ දෙක රාත්‍රි සලාතයේ කුර්ආනය කියවීමට වඩා ප්‍රමාණවත් වේ' යනුවෙන් ද මේවා හැර වෙනත් අදහස් ද වාර්තා වී ඇත. සඳහන් කරන ලද මේ සියල්ල එම වචනය ආවරණය කර ඇත.

හදීසයේ හරය

  1. සූරා අල්-බකරාවෙහි අවසාන පාඨවල ඇති මහිමය විස්තර කිරීම. එනම් "ආමනර් රසූල්..." යනුවෙන් පටන් ගෙන එම සූරාවේ අවාසනය දක්වා වූ උත්තරීතර අල්ලාහ්ගේ වදන් පෙළයි.
  2. සූරා බකරාවෙහි අවසාන පාඨය රාත්‍රියේ පාරායනය කළ විට අදාල තැනැත්තාගෙන් නපුර, හානිය හා ෂෙයිතාන්ව එය වළක්වනු ඇත.
  3. හිරු අවරයට යාමත් සමග රාත්‍රිය උදාවන අතර අළුයම උදාවීමෙන් එය අවසන් වේ.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية Yoruba الليتوانية الدرية الصربية الصومالية الطاجيكية Kinyarwanda الرومانية المجرية التشيكية الموري Malagasy ඉතාලි Kannada الولوف البلغارية Azeri الأوكرانية الجورجية المقدونية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර