عن أبي سعيد الخدري وأبي هريرة رضي الله عنهما أَنهُما شَهِدَا عَلَى رسول اللَّه -صَلّى اللهُ عَلَيْهِ وسَلَّم- أَنه قالَ: «من قال: لا إله إلا الله والله أكبر، صَدَّقه ربه، فقال: لا إله إلا أنا وأنا أكبر. وإذا قال: لا إله إلا الله وحده لا شريك له، قال: يقول: لا إله إلا أنا وَحدِي لا شريك لي. وإذا قال: لا إله إلا الله له الملك وله الحمد، قال: لا إله إلا أنا لي الملك ولي الحمد. وإذا قال: لا إله إلا الله ولا حول ولا قوة إلا بالله، قال: لا إله إلا أنا ولا حول ولا قوة إلا بي» وكان يقول: «من قالها في مرضه ثم مات لم تَطْعَمْهُ النار».
[صحيح] - [رواه الترمذي وابن ماجه. ملحوظة: ذكر النووي الحديث بتغيير يسير في لفظه عما في كتب التخريج المسندة، كما أن للحديث عدة ألفاظ]
المزيــد ...

අබූ සඊද් අල් කුද්රි තුමා හා අබූ හුරෙය්රා තුමා -රළියල්ලාහු අන්හුමා- විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. කවරෙකු لا إله إلا الله والله أكبر ලා ඉලාහ ඉල්ලල්ලාහු වල්ලාහු අක්බර් (අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත. අල්ලාහ් අති ශ්රේෂ්ඨය) යැයි පවසන්නේද ඔහුගේ පරමාධිපති ඔහුව සනාථ කරමින් මා හැර වෙනත් දෙවිඳෙකු නැත. තවද මම අති ශ්රේෂ්ඨය. යැයි පවසයි. කවරෙකු لا إله إلا الله وحده لا شريك له ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලාෂරීක ලහූ (අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත. ඔහු ඒකීයය. ඔහුට සමාන කිසිවකු නැත) යැයි පවසන්නේද ඔහු: මා පමණක් හැර වෙනත් දෙවිඳෙකු නැත. මට කිසිදු හවුල්කරුවකු නැත යැයි පවසයි. කවරෙකු لا إله إلا الله له الملك وله الحمد ලා ඉලාහ ඉල්ලල්ලාහු ලහුල් මුල්කු වලහුල් හම්දු (අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත. සියලු ආධිපත්යය ඔහු සතුය. තවද සියලු පැසසුම්ද ඔහු සතුය) යැයි පවසන්නේද ඔහු: මා හැර වෙනත් දෙවිඳෙකු නැත. සියලු ආධිපත්යයන් මා සතුය. තවද සියලු ප්රශංසා මා සතුය යැයි පවසයි. කවරෙකු لا إله إلا الله ولا حول ولا قوة إلا بالله ලා ඉලාහ ඉල්ලල්ලාහු වලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහි (අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත. අල්ලාහ්ගෙන් තොරව කිසිදු පෙරළීමක් හෝ ශක්තියක් හෝ නැත) යැයි පවසන්නේද ඔහු: මා හැර වෙනත් දෙවිඳෙකු නැත. මාගෙන් තොරව කිසිදු පෙරළීමක් හෝ ශක්තියක් හෝ නැත යැයි පවසයි. කවරෙකු රෝගීව සිටියදී මෙය පවසා මරණයට පත් වන්නේද නිරා ගින්න ඔහුව ස්පර්ශ නොකරනු ඇත.))
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත.

විවරණය

නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම- තුමාණන් පැවසූ බව අබූ සඊද් අල් කුද්රි තුමා හා අබූ හුරෙය්රා තුමා -රළියල්ලාහු අන්හුමා- විසින් වාර්තා කරන ලදී. ගැත්තා لا إله إلا الله والله أكبر ලා ඉලාහ ඉල්ලල්ලාහු වල්ලාහු අක්බර් (අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත. අල්ලාහ් අති ශ්රේෂ්ඨය) යැයි පවසන විට මා හැර වෙනත් දෙවිඳෙකු නැත. තවද මම අති ශ්රේෂ්ඨය. යැයි නියත වශයෙන්ම අල්ලාහ් එම ගැත්තා සනාථ කරමින් පවසා සිටියි. ඔහු الله أكبر ولا حول ولا قوة إلا بالله අල්ලාහු අක්බර් වලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ් (අල්ලාහ් අති ශ්රේෂ්ඨය අල්ලාහ්ගෙන් තොරව කිසිදු පෙරළීමක් හෝ කිසිදු ශක්තියක් හෝ නොමැත) යැයි පවසන විට එලෙසම අල්ලාහ් ඔහුව සනාථ කරනු ඇත. පසුව ඉතිරි දික්ර් සමග ඔහු මරණයට පත් වූයේ නම් නිරා ගින්න ඔහුව අනුභව නොකරනු ඇත. එනම් මිනිසාට නිරා ගින්න තහනම් කිරීමේ හේතූන් අතුරින් එකක් බවට එය පත් වන්නේය. එහෙයින් මෙම දික්රයන් කටපාඩම් කිරීමත් තමන් රෝගීව සිටින විට අල්ලාහ්ගේ අභිමතය පරිදි යහපත් අවසානයක් දක්වා අධික ලෙස පැතීමත් අවශ්ය වන්නේය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු කුර්දි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර