عن عبد الله بن مسعود رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم:
«مَنْ قَرَأَ حَرْفًا مِنْ كِتَابِ اللهِ فَلَهُ بِهِ حَسَنَةٌ، وَالْحَسَنَةُ بِعَشْرِ أَمْثَالِهَا، لَا أَقُولُ {الم} حَرْفٌ، وَلَكِنْ {أَلِفٌ} حَرْفٌ، وَ{لَامٌ} حَرْفٌ، وَ{مِيمٌ} حَرْفٌ».

[حسن] - [رواه الترمذي] - [سنن الترمذي: 2910]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
“කවරෙකු අල්ලාහ්ගේ පුස්තකයෙන් එක් අකුරක් කියවන්නේ ද ඔහුට කුසලක් හිමිය. එම කුසල ඒ හා සමාන දහයකින් යුක්තය. අලිෆ් ලාම් මීම් යන්න එක් අකුරක් බව නොකියමි. එනමුත් අලිෆ් අකුරකි; ලාම් අකුරකි; මීම් අකුරකි.”

[හසන් ගණයට අයත් හදීසයකි] - [ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත] - [سنن الترمذي - 2910]

විවරණය

අල්ලාහ්ගේ පුස්තකයෙන් එක් අකුරක් හෝ කියවන මුස්ලිම්වරයාට කුසලක් හිමි බවත් එය ඒ හා සමාන කුසල් දහයක් දක්වා ඔහුට ගුණ කර දෙන බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ.
"අලිෆ් ලාම් මීම් යන්න එක් අකුරක් බව නොකියමි. එනමුත් අලිෆ් අකුරකි; ලාම් අකුරකි; මීම් අකුරකි.” යනුවෙන් පවසා එතුමාණෝ එය පැහැදිලි කළහ. එහෙයින්, එහි ඇති අකුරු තුන සඳහා කුසල් තිහකි.

හදීසයේ හරය

  1. අල් කුර්ආනය වැඩි වැඩියෙන් කියවීමට උනන්දු කරවීම.
  2. අල් කුර්ආනය කියවන්නා ඔහු කියවන සෑම වචනයකම ඇතුළක් සෑම අකුරක් සඳහාම කුසලක් හිමිවන අතර ඒ හා සමාන දස ගුණයකින් එය ගුණ වේ.
  3. අල්ලාහ්ගෙන් වූ භාග්‍යයක් හා ත්‍යාගයක් වශයෙන් ගැත්තන් හට කුසල් ගුණ කර දීමෙන් ඔහු පෙන්වන ඔහුගේ කරුණාවේ හා ත්‍යාගශීලිත්වයේ විශාලත්වය.
  4. වෙනත් ප්‍රකාශවලට වඩා අල් කුර්ආනයේ ප්‍රකාශවල ඇති මහිමය. එය උත්තරීතර අල්ලාහ්ගේ වදන් වන බැවින් එය කියවීම නැමදුමක් වන්නේය.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (62)
අමතර