عن أبي لبابة بشير بن عبد المنذر رضي الله عنه : أن النبي صلى الله عليه وسلم قال: «مَن لَم يَتَغنَّ بِالقُرآنِ فَليسَ مِنَّا».
[صحيح] - [رواه أبو داود]
المزيــد ...

සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව අබූ ලුබාබා බෂීර් ඉබ්නු අබ්දුල් මුන්දිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“කවරෙකු අල් කුර්ආනය තාලයට පාරායනය නොකළේ ද ඔහු අප අතරින් කෙනෙකු නොවේ.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.

විවරණය

අල් කුර්ආනය තාලයට පාරායනය කිරීම සඳහා මෙම හදීසයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් උනන්දු කරවා ඇත. මෙම පදයට අර්ථ දෙකක් ඇත. පළමුවැන්න: කවරෙකු එය තාලයට පාරායනය නොකළේ ද එනම් කුර්ආනය අලංකාර කටහඬකින් පාරායනය නොකළේ ද යන්නයි. දෙවන අර්ථය ඒ හැර වෙනත් දෙයකින් යහමග සොයමින් එමගින් ප්රයෝජනය නොලැබුවේද යන්නයි. ඔහු අප අතරින් කෙනෙකු නොවන්නේය. මෙය ඉතා දැඩි අවවාදයකි. සැබැවින්ම මෙම පාපය අවවාදාත්මක හා තර්ජනනාත්මක මහා පාපයන්ගෙන් එකකි. අල්කුර්ආනය හැර වෙනත් යමකින් යහමග පතන්නා වනාහි, අල්ලාහ් ඔහුව නොමග යන්නට ඉඩ හැරීම ගැන කිසිදු සැකයක් නැත. අල්ලාහ් අප ආරක්ෂා කරත්වා. ඒ අනුව අල් කුර්ආනය අලංකාර කටහඬින් පාරායනය කළ යුතු බවත් ඒ හැර වෙනත් කිසිවකින් මග සොයා එය අවශ්යතාවක් නොවන තත්ත්වයට පත් නොකළ යුතු යැයි ද පෙන්වා දෙයි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු චීන පර්සියානු ඉන්දියානු කුර්දි පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර