උප-ප්‍රවර්ග

නබි වදන් ලැයිස්තුව

අල් කුර්ආනය හැදෑරීම පුරුද්දක් බවට පත් කර ගන්න. මුහම්මද්ගේ ආත්මය කවුරුන් අතෙහි ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. ඔටුවා උගේ බැඳුම් පටියෙන් නිදහස් වීමට වඩා එය දරුණුය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නුඹලා අතරින් ශ්රේෂ්ඨ වනුයේ අල් කුර්ආනය හදාරා එය උගන්වන්නාය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවරෙකු අල්ලාහ්ගේ පුස්තකයෙන් එක් අකුරක් කියවන්නේ ද ඔහුට කුසලක් හිමිය. එම කුසල ඒ හා සමාන දහයකින් යුක්තය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අල් කුර්ආනය කියවන දේව විශ්වාසියෙකුට උදාහරණය පැඟිරි ගෙඩියක උදාහරණයයි. එහි ගන්ධය සුවදැතිය. එහි සුවය නැවුම්ය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවරෙකු අල් කුර්ආනය තාලයට පාරායනය නොකළේ ද ඔහු අප අතරින් කෙනෙකු නොවේ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඉතා දක්ෂ ලෙස අල් කුර්ආනය කියවන්නා වනාහි, ඔහු යහපත් උතුම් දේව දූතයින් සමග වෙයි. එමෙන්ම අසීරුවෙන් යුතුව තටම තටමා අල් කුර්ආනය කියවන්නා වනාහි, ඔහුට කුසල් දෙකකි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අල් කුර්ආන් වාසීීන් මෙසේ පවසනු ලැබේ: කියවන්න, උසස්කම් ලබන්න. මෙලොවෙහි තාලයට ඔබ කියවමින් සිටි පරිදි තාලයට පාරායනය කරන්න. සැබැවින්ම ඔබේ නවාතැන ඔබ කියවන පාඨයේ අවසාන ස්ථානයයි
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මෙම පුස්තකය තුළින් අල්ලාහ් ඇතැම් කණ්ඩායම් උසස් කරන අතර.තවත් පිරිසක් එමගින් පහත් කරවයි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ