නබි වදන් ලැයිස්තුව

මෙම අල් කුර්ආනයට හැඩ ගැසී පිළිපදින්න. මුහම්මද්ගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. (ලණුවක) ගැට ගසා ඇති ඔටුවා උගේ ගැටයෙන් පළා යන වේගයට වඩා අල් කුර්ආනය ඉවත්ව යෑම ඉතා වේගත්ය
عربي الإنجليزية الأوردية
ඔබ අතරින් ශ්‍රේෂ්ඨ වනුයේ අල් කුර්ආනය හදාරා එය උගන්වන්නාය
عربي الإنجليزية الأوردية
“කවරෙකු අල්ලාහ්ගේ පුස්තකයෙන් එක් අකුරක් කියවන්නේ ද ඔහුට කුසලක් හිමිය. එම කුසල ඒ හා සමාන දහයකින් යුක්තය
عربي الإنجليزية الأوردية
“අල් කුර්ආනය කියවන දේව විශ්වාසියෙකුට උදාහරණය පැඟිරි ගෙඩියක උදාහරණයයි. එහි සුවඳ ප්‍රසන්නය. එහි රසය ප්‍රසන්නය. අල් කුර්ආනය නොකියවන දේව විශ්වාසියෙකුට උදාහරණය ඉඳි ගෙඩියක උදාහරණයයි. එයට සුවදක් නැත. නමුත් එහි රසය පැණිරසය
عربي الإنجليزية الأوردية
කවරෙකු අල් කුර්ආනය තාලයට පාරායනය නොකළේ ද ඔහු අප අතරින් කෙනෙකු නොවේ.
عربي الإنجليزية الأوردية
“මනා ලෙස අල් කුර්ආනය කියවන්නා යහපත් උතුම් දේව දූතයින් සමග සිටියි. එමෙන්ම අසීරුවෙන් යුතුව තටම තටමා අල් කුර්ආනය කියවන්නා වනාහි, ඔහුට කුසල් දෙකක් හිමිය
عربي الإنجليزية الأوردية
අල් කුර්ආන් වාසීීන් මෙසේ පවසනු ලැබේ: කියවන්න, උසස්කම් ලබන්න. මෙලොවෙහි තාලයට ඔබ කියවමින් සිටි පරිදි තාලයට පාරායනය කරන්න. සැබැවින්ම ඔබේ නවාතැන ඔබ කියවන පාඨයේ අවසාන ස්ථානයයි
عربي الإنجليزية الأوردية
මෙම පුස්තකය තුළින් අල්ලාහ් ඇතැම් කණ්ඩායම් උසස් කරන අතර.තවත් පිරිසක් එමගින් පහත් කරවයි.
عربي الإنجليزية الأوردية