عن عبد الله بن عمرو رضي الله عنهما قال: قال رسول الله صلى الله عليه وسلم:
«يقالُ لصاحبِ القرآن: اقرَأ وارتَقِ، ورتِّل كما كُنْتَ ترتِّل في الدُنيا، فإن منزِلَكَ عندَ آخرِ آية تقرؤها».

[حسن] - [رواه أبو داود والترمذي والنسائي في الكبرى وأحمد]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"අල් කුර්ආන් වාසීීන් මෙසේ පවසනු ලැබේ: කියවන්න, උසස්කම් ලබන්න. මෙලොවෙහි තාලයට ඔබ කියවමින් සිටි පරිදි තාලයට පාරායනය කරන්න. සැබැවින්ම ඔබේ නවාතැන ඔබ කියවන පාඨයේ අවසාන ස්ථානයයි."

හසන් ගණයට අයත් හදීසයකි. - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ දන්වා සිටියහ. සැබැවින්ම අල් කුර්ආනය කියවන, එහි ඇති දෑ අනුව ක්‍රියා කරන, එය කියවමින් හා කටපාඩම් කරමින් පිළිපදින්නාට මෙසේ පවසනු ලැබේ: ඔබ අල් කුර්ආනය කියවන්න. එමගින් ස්වර්ගයේ තරාතිරම්හි උසස්භාවය ලබන්න. මෙලොවෙහි ඔබ රාගිකව හා තැන්පත්ව අල් කුර්ආනය තාලයට කියෙව්වාක් මෙන් තාලයට කියවන්න. සැබැවින්ම ඔබේ නවාතැන ඔබ කියවන පාඨයේ අවසානයයි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු බෙංගාලි චීන පර්සියානු ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. ප්‍රතිඵල ක්‍රියාවන්හි ප්‍රමාණය හා ගුණාත්මකභාවය අනුව පිහිටයි.
  2. අල් කුර්ආනය කියවීම, එය විධිමත් ව පිළිපැදීම, එය ආරක්ෂා කිරීම, එය පරිශීලනය කිරීම හා ඒ අනුව ක්‍රියා කිරීම සඳහා දිරි ගැන්වීම.
  3. ස්වර්ගයෙහි නවාතැන් හා බොහෝ තරාතිරම් ඇත. මෙහි දී අල් කුර්ආන් වාසියා උසස්ම නිලයන් ලබනු ඇත.
අමතර