عن عُقبة بن عامر الجُهني رضي الله عنه قال: قال رسولُ الله صلَّى الله عليه وسلم:
«الجاهِرُ بالقرآن كالجاهِرِ بالصَّدَقَةِ، والمُسِرُّ بالقرآن كالمُسِرِّ بالصَّدَقَة».

[صحيح] - [رواه أبو داود والترمذي والنسائي]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උක්බත් ඉබ්නු ආමිර් අල්-ජුහනී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
අල් කුර්ආනය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කටයුතු කරන්නා සදකා නොහොත් පුණ්‍ය කටයුතු සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කටයුතු කරන්නෙකු මෙනි. අල් කුර්ආනය සම්බන්ධයෙන් රහසිගතව කටයුතු කරන්නා පුණ්‍ය කටයුතු සම්බන්ධයෙන් රහසිගතව කටයුතු කරන්නෙකු මෙනි.

පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.

විවරණය

සැබැවින්ම අල් කුර්ආනය ප්‍රසිද්ධියේ පාරායනය කරන්නා සදකාව ප්‍රසිද්ධියේ පිරිනමන්නෙකු මෙනි. අල් කුර්ආනය රහසිගතව පාරායනය කරන්නා සදකාව රහසිගතව පිරිනමන්නෙකු මෙනි යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි කර සිටියි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු බෙංගාලි චීන පර්සියානු ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. අල් කුර්ආනය සැහැල්ලුවෙන් රහසිගත ව පාරායනය කිරීම උතුම්ය. එය සදකාව රහසිගතව පිරිනැමීම උතුම් වන්නාක් මෙනි. හේතුව එහි අවංකත්වය ඇති බැවින් හා ප්‍රදර්ශණයෙන් හා ආකර්ශණයෙන් දුරස්වීම ඇති බැවිනි. නමුත් අල් කුර්ආනය ඉගැන්වීම මෙන් ප්‍රසිද්ධියේ කියවීමේ අවශ්‍යතාවක් හා යහපතක් දකීනම් හැර.
අමතර