උප-ප්‍රවර්ග

නබි වදන් ලැයිස්තුව

සැබැවින්ම නුඹලා අල්ලාහ් වෙත පැවරිය යුතු නියම අයුරින් පවරා විශ්වාසය තබන්නෙහු නම් උදෑසන හිස් බඩින් ගොස් සවස පිරුණු බඩින් පැමිණෙන පක්ෂියාට පෝෂණය කරනු ලබන්නාක් මෙන් නුඹලා ද පෝෂණය කරනු ලබනු ඇත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ලැජ්ජාව යහපත හැර වෙනකක් ගෙන දෙන්නේ නැත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සුභ අසුභ බැලීම දේවත්වයට ආදේශ කිරීමකි. සුභ අසුභ බැලීම දේවත්වයට ආදේශ කිරීමකි. අප අතරින් එහි නොවැටෙන කිසිවකු නැත. නමුත් අල්ලාහ් මත සියල්ල භාරකිරීම තුළින් ඔහු එය පහකරනු ඇත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
“මාගේ ගැත්තා යම් නපුරක් කිරීමට සිතූ විට එය ඔහු සිදු කරන තෙක් නුඹලා එය ඔහුට එරෙහිව නොලියනු. නමුත් ඔහු එය සිදු කළේ නම් ඒ සඳහා ඒ හා සමානයක් පමණක් ලියනු. එය ඔහු මා වෙනුවෙන් අත්හැරියේ නම් ඔහුට ඒ සඳහා යහපතක් ලියනු” යැයි අල්ලාහ් දෙවිඳාණන් පවසයි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඉඳුණු කෙස් සහිත මුස්ලිම්වරයාට හා අල් කුර්ආනය උසුලා ගෙන, එහි ඉක්මවා කටයුතු නොකොට ඉන් දුරස් නොවී කටයුතු කරන්නාට ගරු කිරීමත් යුක්තිගරුක බලධාරීන්ට ගරු කිරීමත් නියත වශයෙන්ම අල්ලාහ්ගේ අභිමානයෙන් වූවකි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
පුද්ගලයා ඔහු ප්රිය කරන්නන් සමග වේ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සදකා හෙවත් දන් දීමෙන් ගැත්තකුගේ ධනය අඩු නොවේ. අපරාධයට ලක් වූ ගැත්තාට සිදුවන අපරාධය මත ඔහු ඉවසා සිටීමෙන් අල්ලාහ් ඔහුට ගෞරවය වැඩි කරනු මිස නැත. යාචකත්වයේ දොරටුව ගැත්තෙකු විසින් විවෘත කළ විට අල්ලාහ් දිළිඳුභාවයේ දොරටුව ඔහු වෙත විවෘත කරනු මිස නැත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ