عن عمران بن حصين رضي الله عنهما قَالَ: قَالَ رسولُ اللَّه -صَلّى اللهُ عَلَيْهِ وسَلَّم-: «الحَيَاءُ لاَ يَأْتِي إِلاَّ بِخَيرٍ». وفي رواية : «الحَيَاءُ خَيرٌ كُلُّهٌ» أو قال: «الحَيَاءُ كُلُّهُ خَيرٌ».
[صحيح] - [الرواية الأولى: متفق عليها. الرواية الثانية والثالثة: رواها مسلم]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව ඉම්රාන් ඉබ්නු හුසෙයින් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. "c2">“ලැජ්ජාව යහපත හැර වෙනකක් ගෙන දෙන්නේ නැත.” තවත් වාර්තාවක "c2">“ලැජ්ජාව යහපතකි. එහි සියල්ල ද එසේය.’ හෝ “ලැජ්ජාව එහි සියලු දෑ යහපතකි” යනුවෙන් වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

ලැජ්ජාව යනු සිත තුළ ඇතිවන ගුණාංගයකි. අලංකාර හා ලස්සන දෑ කිරීමටත් අපිරිසිදු හා අශීලාචාර දෑ අතහැරීමටත් එය මිනිසාව පොළඹවයි. එබැවින් යහපත මිස වෙනත් කිසිවක් එය ගෙන දෙන්නේ නැත. මෙම හදීසය පැමිණීමට හේතු වූයේ සැබැවින්ම මිනිසකු තම සහෝදරයාට ලැජ්ජාව පිළිබඳ උපදෙස් දෙමින් සිටියේය. ලැජ්ජාව පදනම් කරමින් ඔහුව නපුරින් වැළැක්වූයේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔහුට මෙම ප්රකාශය සිදු කළහ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම කුර්දි පෘතුගීසි ස්වාහිලි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර