+ -

عن عمر بن الخطاب رضي الله عنه قال: إنه سمع نبي الله صلى الله عليه وسلم يقول:
«لَو أَنَّكُمْ تَتَوَكَّلُونَ عَلَى اللهِ حَقَّ تَوَكُّلِهِ، لَرَزَقَكُمْ كَمَا يَرْزُقُ الطَّيْرَ، تَغْدُو خِمَاصًا وَتَرُوحُ بِطَانًا».

[صحيح] - [رواه الترمذي وابن ماجه وأحمد] - [مسند أحمد: 205]
المزيــد ...

සැබැවින්ම තමන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පවසා සිටි දෑට සවන් තුන් බව පවසමින් උමර් ඉබ්නු අල් කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"c2">“සැබැවින්ම නුඹලා අල්ලාහ් වෙත පැවරිය යුතු නියම අයුරින් පවරා විශ්වාසය තබන්නෙහු නම්, උදෑසන හිස් බඩින් ගොස් සවස පිරුණු බඩින් පැමිණෙන පක්ෂියාට පෝෂණය කරනු ලබන්නාක් මෙන් නුඹලා ද පෝෂණය කරනු ලබනු ඇත.”

පූර්ව සාධක සහිත හදීසයකි. - ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත.

විවරණය

ලෞකික හා ආගමික කටයුතුවලදී යහපත ගෙන ඒමේ හා හානිය වැළැක්වීමේ දී අල්ලාහ් මත සම්පූර්ණ විශ්වාසය තැබිය යුතු යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අප දිරිගන්වා ඇත. උත්තරීතර සුවිශුද්ධයාණන් හැර යමක් පිරිනමන්නට හෝ යමක් වළක්වන්නට හෝ යම් හානියක් කරන්නට හෝ යම් සෙතක් සළසන්නට හෝ කිසිවකු නැත. අල්ලාහ් මත සැබෑ අදිෂ්ඨානය තැබීමත් සමග යහපත ගෙන ඒමේ හා හානිය වැළැක්වීමේ සාධක අප විසින් පිළිපැදිය යුතුය. එය අප සිදු කළ විට කුසගින්නෙන් උදෑසන පිටත්ව ගොස් සවස් කාලයේ කුස පුරවාගෙන එන පක්ෂියාට අල්ලාහ් පෝෂණ සම්පත් දායාද කරන්නා සේ අල්ලාහ් අපට පෝෂණ සම්පත් පිරිනමනු ඇත. මෙම ක්‍රියාව විශ්වාසය මත පමණක් පදනම්ව මැලි නොවී පෝෂණ සම්පත් සෙවීම සඳහා තම උත්සහය යෙදීමේ සාධක අතරින් වූ එක් වර්ගයකි.

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية القيرقيزية النيبالية اليوروبا الليتوانية الدرية الصربية الصومالية الطاجيكية الكينياروندا الرومانية المجرية التشيكية المالاجاشية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. විශ්වාසය තබා භාර කිරීමේ මහිමය. සැබැවින්ම එය පෝෂණ සම්පත් ගෙන දීමේ අතිමහත් සාධකයකි.
  2. විශ්වාසය තබා භාර කිරීමේ ක්‍රියා හේතුවට පටහැනි නොවේ. සැබෑ විශ්වාසය තබා භාර කිරීම යනු එය පෝෂණ සම්පත් සේවීමේ දී උදේ සවස පිටත්ව ගොස් පැමිණීමේ ක්‍රියාවලියට විරුද්ධ නොවන්නකි.
  3. හදවත් හා බැඳුණු ක්‍රියාවන්ට ෂරීආව ප්‍රමුඛත්වය ලබා දෙයි. සැබැවින්ම විශ්වාසය තබා භාර කිරීම යනු හදවත හා බැඳුණු ක්‍රියාවකි.
  4. හේතු මත පමණක් බැඳී සිටීම දහම තුළ හීනතාවකි. එමෙන්ම හේතු සාධක අත්හැර දැමීම බුද්ධි හීනතාවකි.
අමතර