عن عبد الله بن عباس رضي الله عنهما أن رسول الله صلى الله عليه وسلم قال: «لو يُعْطَى الناسُ بدَعْوَاهُم لادَّعى رجالٌ أموالَ قومٍ ودِمَاءَهُم، لكنَّ البينةَ على المدَّعِي واليَمِينَ على من أَنْكَرَ».
[صحيح] - [أخرجه بهذا اللفظ البيهقي في السنن الكبرى. وأخرج البخاري ومسلم بعضه]
المزيــد ...

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“මිනිසුන් වාද කොට ඉල්ලා සිටින දෑ ඔවුනට පිරිනමනු ලබන්නේ නම්, මිනිසුන් (අසාධාරණ ලෙස) පිරිසකගේ ධනය හා ජීවිත ඉල්ලා වාද කරනු ඇත. එහෙත්, සාක්ෂි ඉදිරිපත් කිරීම වාද කරන්නා මත වන අතර දිවුරා සිටීම ප්රතික්ෂේප කරන්නා මත වේ.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් බයිහකී එය වාර්තා කර ඇත.

විවරණය

සාධාරණත්වය තහවුරු කරමින්, සත්යය පිහිටුවාලමින්, ජීවිත හා ධනය ආරක්ෂා කරමින් සාක්ෂි හා සාධක මෙන්ම ප්රතික්ෂේප කරන්නාගේ දිවුරීමෙන් තොරව වාද කළ වහාම වාදය පිළිගනු ලබන්නේ නැත. සාක්ෂි සාධක නොමැතිව කවරෙකු වාද කරන්නේ ද එය ප්රතික්ෂේප කරනු ලබන්නකි. එය උරුමයන් හා ගනුදෙනු පිළිබඳව හෝ වේවා දේව විශ්වාසයේ හා දැනුම සම්බන්ධ විසදුම්වලදී හෝ වේවා එක සමානය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර