عن النُّعمان بن بَشير رضي الله عنه قال: سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ -وَأَهْوَى النُّعْمَانُ بِإِصْبَعَيْهِ إِلَى أُذُنَيْهِ-:
«إِنَّ الْحَلَالَ بَيِّنٌ وَإِنَّ الْحَرَامَ بَيِّنٌ، وَبَيْنَهُمَا مُشْتَبِهَاتٌ لَا يَعْلَمُهُنَّ كَثِيرٌ مِنَ النَّاسِ، فَمَنِ اتَّقَى الشُّبُهَاتِ اسْتَبْرَأَ لِدِينِهِ وَعِرْضِهِ، وَمَنْ وَقَعَ فِي الشُّبُهَاتِ وَقَعَ فِي الْحَرَامِ، كَالرَّاعِي يَرْعَى حَوْلَ الْحِمَى يُوشِكُ أَنْ يَرْتَعَ فِيهِ، أَلَا وَإِنَّ لِكُلِّ مَلِكٍ حِمًى، أَلَا وَإِنَّ حِمَى اللهِ مَحَارِمُهُ، أَلَا وَإِنَّ فِي الْجَسَدِ مُضْغَةً، إِذَا صَلَحَتْ صَلَحَ الْجَسَدُ كُلُّهُ، وَإِذَا فَسَدَتْ فَسَدَ الْجَسَدُ كُلُّهُ، أَلَا وَهِيَ الْقَلْبُ».
المزيد
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් නුඃමාන් ඉබ්නු බෂීර් (රළියල්ලාහු අන්හු) තුමා -තම ඇගිලි දෙක තම කන් දෙක වෙත ළංකර- මෙසේ වාර්තා කළේය.
“සැබැවින්ම (හලාල් හෙවත්) අනුමත කරුණු පැහැදිලිය. එමෙන්ම (හරාම් හෙවත්) තහනම් කරුණු ද පැහැදිලිය. මේ දෙක අතර සැක උපදවන කරුණු ද ඇත. ජනයා අතරින් බහුතරයක් දෙනා ඒවා නොදනිති. එහෙයින් කවරෙකු සැක උපදවන දැයින් වැළකී සිටියේ ද සැබැවින්ම ඔහු ඔහුගේ දහමට හා ඔහුගේ මාන්‍යයට ආරක්ෂාව සළසා ගත්තේය. කවරෙකු සැක උපදවන දෑහි වැටුනේ ද ඔහු තහනම් කරුණු අතරට වැටුණි. එය, වැට අවට එහි ඇතුළු වීමට බලන සතුන් පාලනය කරන එඩේරකු මෙනි. දැනගන්න! සෑම රජකුටම වැටක් ඇත. දැනගන්න! සැබැවින් අල්ලාහ්ගේ වැට වනුයේ ඔහු තහනම් කළ දෑය. දැන ගන්න! ශරීරයේ මස් කැබැල්ලක් ඇත. එය විධිමත් වූ විටෙක මුළු ශරීරයම විධිමත් වෙයි. එමෙන්ම එය නරක් වූ විටෙක මුළු ශරීරයම නරක් වෙයි. දැන ගන්න! එයයි හදවත.”