عن أنس بن مالك رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «للَّهُ أَفْرَحُ بِتَوْبَةِ عَبْدِهِ مِنْ أَحَدِكُمْ، سَقَطَ عَلَى بَعِيرِهِ، وَقَدْ أَضَلَّهُ فِي أَرْضِ فَلاَةٍ».
وفي رواية: «لَلَّهُ أَشَدُّ فَرَحًا بِتَوْبَةِ عَبْدِهِ حِينَ يَتُوبُ إِلَيْهِ، مِنْ أَحَدِكُمْ كَانَ عَلَى رَاحِلَتِهِ بِأَرْضِ فَلَاةٍ، فَانْفَلَتَتْ مِنْهُ وَعَلَيْهَا طَعَامُهُ وَشَرَابُهُ، فَأَيِسَ مِنْهَا، فَأَتَى شَجَرَةً، فَاضْطَجَعَ فِي ظِلِّهَا، وقَدْ أَيِسَ مِنْ رَاحِلَتِهِ، فَبَيْنَا هُوَ كَذَلِكَ إِذَا هُوَ بِهَا، قَائِمَةً عِنْدَهُ، فَأَخَذَ بِخِطَامِهَا، ثُمَّ قَالَ مِنْ شِدَّةِ الْفَرَحِ: اللهُمَّ أَنْتَ عَبْدِي وَأَنَا رَبُّكَ! أَخْطَأَ مِنْ شِدَّةِ الْفَرَح».
[صحيح] - [متفق عليه والرواية الأولى لفظ البخاري، والرواية الثانية لفظ مسلم]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බවට අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “ඔබ අතරින් පාළු කාන්තාර භූමියේ අතරමං කර ගත් තම ඔටුවා අහම්බෙන් හමු වූ අයකුට වඩා අල්ලාහ් තම ගැත්තෙකු පතන පාපක්ෂමාව හේතුවෙන් දැඩි සේ සතුටට පත් වන්නේය.”
තවත් වාර්තාකව ඔබ අතරින් කිසිවකු හෝ පාළු කාන්තාරයක තම සත්වයා සමග සිටියදී එකවර ඌ මත තිබුණු ඔහුගේ ආහාර හා ඔහුගේ පානය සමගම ඌ නැතිවිය. පසුව ඒ ගැන ඔහු බලාපොරොත්තු සුන් කර ගනිමින් ගසක් වෙත පැමිණ එහි හෙවණෙහි හාන්සි විය. ඔහුගේ සත්වයා පිළිබඳ බලාපොරොත්තු සුන්විය. එසේ සිටින අතරවාරයේ ඔහු ඉදිරියේ ඌ සිටගෙන සිටී. පසුව උගේ කඩිවාලමෙන් අල්ලාගෙන අත් වූ දැඩි සතුට හේතුවෙන් අහෝ අල්ලාහ්! ඔබ මාගේ ගැත්තාය මම ඔබේ පරමාධිපතිය යැයි පවසයි. එසේ ඔහු වැරදියට පවසා සිටියේ දැඩි සතුට හේතුවෙනි. එවැන්නෙකුට වඩා අල්ලාහ් තම ගැත්තකු පතන පාපක්ෂමාව හේතුවෙන් දැඩි සේ සතුටු වන්නේය.
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]
අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ දන්වා සිටියි. අල්ලාහ්ගේ ගැත්තෙකු ඔහුගේ නියෝග හදවතින්ම පිළිගෙන අවංක ලෙස පිළිපැද ඔහුට අවනත වී ඔහු වෙත නැඹුරු වීම තුළින් ඔබ අතරින් කිසිවකු හෝ ඔහු අවට ආහාර පාන හෝ කිසිදු මිනිසෙකු හෝ නොමැති පාළුකරයක සිටියදී නැති වී ගිය ඔහුගේ ඔටුවා හමුවීමෙන් ලැබෙන සතුටට වඩා අල්ලාහ් සතුටට පත් වන්නේය. පසුව ඔහු ඌ සොයන්නට ගත්ත ද ඌ ඔහුට නොලැබෙයි. අනතුරුව ඔහු ගසක් වෙත ගොස් මරණය බලාපොරොත්තුවෙන් යුතුව එම ගස යට නින්දට වැටෙයි. ඔහුගේ ඔටුවා ගැන තිබූ බලාපොරොත්තු ද සුන් විය. ඔහුගේ ජීවිතය ගැන බලාපොරොත්තු ද සුන් විය. එය ඔහුගේ ආහාර පාන සමගම ඔටුවා නැති වී ඇති බැවිණි. ඔහු එසේ සිටියදී එකවරම ඔහු ඉදිරියේ ඔහුගේ ඔටුවා හමුවෙයි. ඔහු නිදාසිටි ගසෙහි උගේ තෝන් ලණුව ගැට ගසයි. මෙම සතුටෙහි ප්රමාණය වෙනත් කිසිවක තිබිය හැකි ද? මෙම සතුට මෙවන් තත්ත්වයකට වැටුණු අයකුට හැර වෙනත් කිසිවකුට නිරූපණය කළ නොහැක. එය ඉමහත් සතුටක් වන බැවිනි. එය මරණය අත්වීමෙන් පසු ජීවය ලැබීමේ සතුටය. එබැවින් ඔහු කඩිවාලම ගෙන “අහෝ අල්ලාහ් ඔබ මාගේ පරමාධිපතිය. මම ඔබේ ගැත්තාය” යැයි ඔහු අල්ලාහ්ට ප්රශංසා කිරීමට සිතුවේය. නමුත් දැඩි සතුට හේතුවෙන් එය වැරදී ‘ඔබ මාගේ ගැත්තාය. මම ඔබේ පරමාධිපතිය යැයි පවසන්නට විය.