عن أبي موسى الأشعري رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال:
«تَعَاهَدُوا هَذَا الْقُرْآنَ، فَوَالَّذِي نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ لَهُوَ أَشَدُّ تَفَلُّتًا مِنَ الْإِبِلِ فِي عُقُلِهَا».

[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 791]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ මූසා අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"මෙම අල් කුර්ආනයට හැඩ ගැසී පිළිපදින්න. මුහම්මද්ගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. (ලණුවක) ගැට ගසා ඇති ඔටුවා උගේ ගැටයෙන් පළා යන වේගයට වඩා අල් කුර්ආනය ඉවත්ව යෑම ඉතා වේගත්ය."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح مسلم - 791]

විවරණය

අල් කුර්ආනය තම සිත තුළ තැන්පත් කර ගත් අයකු එසේ තැන්පත් කළ පසුව එය අමතක නොවන පරිදි කියවීමෙහි නිරත වීමත් ඒ අනුව හැඩගැසී එය පිළිපැදීමත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කළහ. සැබැවින්ම සිත් තුළ රඳවා ඇති අල් කුර්ආනය බැඳ දමන ලද ඔටුවකු පළා යෑමට වඩා වේගයෙන් වෙන් වී පහ ව යනු ඇතැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දිවුරා සිටීමෙන් එය සහතික කළහ. ඌ ගාත මධ්‍යයේ ලණුවකින් බැඳ දැමූ ඔටුවෙකි. මිනිසා ඌව රැකබලා ගත්තේ නම්, ඌ රැඳී සිටිනු ඇත. ඌ අත්හැර දැමුවේ නම්, ඌ ඉවත් ව ගොස් අතුරුදහන් වනු ඇත.

හදීසයේ හරය

  1. අල් කුර්ආනය කටපාඩම් කළ අයකු එය වාරයකින් පසු, වාරයක් නිරන්තරයෙන්ම පාරායනය කරමින් සිටින්නේ නම් එය ඔහුගේ සිත තුළ ආරක්ෂිතව මතකයේ පවතී. එසේ නොවී නම්, ඔහුගෙන් එය පහව ගොස් එය ඔහුට අමතක වී යයි.
  2. අල් කුර්ආනය පාරයනය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ අතරින්, ඊට අදාළ ප්‍රතිඵල හා කුසල් හිමි වීම, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිලයන් උසස් වීම.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (64)
අමතර