عن عثمان بن عفان رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال: «خَيرُكُم من تعلَّمَ القرآنَ وعلَّمَهُ».
[صحيح] - [رواه البخاري]
المزيــد ...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව උස්මාන් ඉබ්නු අෆ්ෆාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “නුඹලා අතරින් ශ්රේෂ්ඨ වනුයේ අල් කුර්ආනය හදාරා එය උගන්වන්නාය.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.
“නුඹලා අතරින් ශ්රේෂ්ඨ වනුයේ අල් කුර්ආනය හදාරා එය උගන්වන්නාය.” මෙම දේශනාව සමාජය වෙත කෙරුණු පොදු දේශනාවකි. අල් කුර්ආනය හැදෑරීම හා එය ඉගැන්වීම යන ගුණාංග දෙක එකට පවතින පුද්ගලයා මිනිසුන් අතර ශ්රෙෂ්ඨයා වන්නේය. එනම් වෙනත් කෙනෙකුගෙන් හදාරා තවත් කෙනෙකුට ඉගැන්වීමය. සැබැවින්ම අල් කුර්ආනය හැදෑරීම ශ්රේෂ්ඨතම දැනුමයි. හැදෑරීම හා ඉගැන්වීම යන විෂයයෙහි එහි වචන මෙන්ම අර්ථය ද ඇතුළත් වන්නේය. කවරෙකු අල් කුර්ආනය ආරක්ෂා කරන්නේ ද එනම් මිනිසුනට කියවීමට උගන්වා ඔවුනට එය ධාරණය කරවන්නේ ද එවිට ඔහු ද ඉගැන්වීම යටතට ඇතුළත් වේ. එමෙන්ම කවරෙකු මේ ක්රමය අනුව අල් කුර්ආනය හදාරන්නේ ද ඔහු හැදෑරීම යටතටත ඇතුළත් වේ. දෙවන වර්ගය නම්: අර්ථය ඉගැන්වීමයි. එනම් එහි විග්රහය ඉගැන්වීමයි. සැබැවින්ම මිනිසා ජනයා සමග වාඩි වී ඔවුන් අල්ලාහ්ගේ කුර්ආනය එහි විග්රහ කර ඇති පරිදි උගන්වයි. මිනිසා අල් කුර්ආනය විග්රහ කළ යුතු ආකාරය තවත් කෙනෙකුට උගන් වා එහි ඇති නීතිරීතිවල දැනුමද පිරිනමන්නේ නම් එවිට එය අල් කුර්ආනය ඉගැන්වීම යටතට ඇතුළත් වන්නේය.