+ -

عن أبي هريرة رضي الله عنه مرفوعاً: «ثلاثُ دَعواتٍ مُستجابات لا شك فِيهن: دعوةُ المظلومِ، ودعوةُ المسافرِ، ودعوةُ الوالدِ على وَلدِه».
[حسن] - [رواه أبو داود والترمذي وابن ماجه وأحمد]
المزيــد ...

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "c2">“කිසිදු සැකයකින් තොරව පිළිගනු ලබන ප්රාර්ථනා තුනක් ඇත. අපරාධයට ලක් වූ අයගේ ප්රාර්ථනාව. මගියාගේ ප්රාර්ථනාව හා පියා තම පුතු වෙනුවෙන් කරන ප්රාර්ථනාව.”
හසන් ගණයට අයත් හදීසයකි. - ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත.

විවරණය

ප්රාර්ථනා කරන්නන් අතරින් කණ්ඩායම් තුනක ප්රාර්ථනාවන් තුන කිසිදු සැකයකින් තොරව පිළිගනු ලබනු ඇත. අපරාධයට ලක් වූ අයගේ ප්රාර්ථනාව. එසේ අපරාධයට ලක් වූ තැනැත්තා දේවත්ය ප්රතික්ෂේප කරන්නකු වුවද එසේ අසාධාරණයට ලක්ව අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කර සිටි විටෙක සැබැවින්ම අල්ලාහ් ඔහුගේ ප්රාර්ථනාවට පිළිතුරු සපයනු ඇත. මගියාගේ ප්රාර්ථනාව වනාහි, ඔහු ගමන් ගනිමින් සිටියදී අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කළ විට එය පිළිගනු ලබනු ඇත. පියාගේ ප්රාර්ථනාව වනාහි, එය පියාගේ හෝ මවගේ හෝ ප්රාර්ථනාව වේවා එක සමානය. තම දරුවාට පක්ෂව හෝ ඔහුට එරෙහිව හෝ වේවා එක සමානය.

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර