عن أبي هريرة رضي الله عنه مرفوعاً: «قال الله: كذَّبني ابنُ آدم ولم يكن له ذلك، وشتمني ولم يكن له ذلك، فأمَّا تكذيبُه إيَّايَ فقوله: لن يعيدَني، كما بدأني، وليس أولُ الخلق بأهونَ عليَّ من إعادتِه، وأما شتمُه إيَّايَ فقوله: اتَّخذَ اللهُ ولدًا، وأنا الأحدُ الصمد، لم ألِدْ ولم أولَد، ولم يكن لي كُفْؤًا أحدٌ».
[صحيح] - [رواه البخاري]
المزيــد ...

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "c2">“උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: ආදම්ගේ දරුවා මට බොරු කළේය. එය ඔහුට සුදුසු නොවීය. ඔහු මට බැණ වැදුණේය. එය ද ඔහුට සුදුසු නොවීය. ඔහු මා බොරු කිරීම වූ කලී, “මාව උත්පාදනය කළාක් මෙන්ම මා නැවත කිසිවිටෙක හැරී යන්නේ නැත’ යැයි ඔහු කළ ප්රකාශයයි. මැවීම් පළමුව උත්පාදනය කර තිබීම එය නැවත ගෙන එන්නට මට වඩාත් පහසු කාර්යයක් නොවන්නේ ද? ඔහු මට බැණ වැදීම වූ කලී, ‘අල්ලාහ් දරුවකු ගත්තේ ය” යැයි ඔහු කළ ප්රකාශයයි. මම කිසිදු අවශ්යතාවක් තොර වූ ඒකීයය. මා දාව කිසිවකු බිහි නොකළෙමි. කිසිවෙකු විසින් බිහි කරනු ලැබුවේ ද නැත. මට සමාන කිසිවකු නොමැත.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.

විවරණය

හදීස් කුද්සී නම් දිව්ය ප්රකාශය සහිත මෙම හදීසයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම පරමාධිපති මෙසේ පවසන බව දන්වා සිටියි. "c2">“ආදම්ගේ දරුවා මට බොරු කළේය. එය ඔහුට සුදුසු නොවීය.” එනම් ආදම්ගේ දරුවන් අතරින් පිරිසක් මා බොරු කළේය යන්නයි. ඉන් අදහස් කරනුයේ අරාබීන් අතර සිටින බහුදේව වාදීන්, අරාබි නොවන්නන් අතර සිටින පිළිම වන්දනා කරුවන් හා හදීසයේ ඉතිරි කොටසෙහි සඳහන් වන පරිදි කිතුනුවන් අතරින් නැවත නැගිටුවනු ලැබීම ප්රතික්ෂේප කරන්නන් පිළිබඳවය. අල්ලාහ් කෙරෙහි බොරු පවසන්නට ඔවුනට සුදුසු නොවීය. එසේ අල්ලාහ්ව බොරු කරනු ලැබීමද ඔහුට අවශ්ය නොවීය. "c2">“ඔහු මට දොස් නැගුවේය. ඔහුට එය සුදුසු නොවීය.” දොස් නැගීම යනු අඩුපාඩු හා අසත්යය දැයින් යමක් විස්තර කිරීමය. ඉන් අදහස් කරනුයේ, ආදම්ගේ දරුවන් අතරින් පිරිසක් අඩුපාඩු ඇති දෑ සම්බන්ධ කරමින් අල්ලාහ්ව විස්තර කළෝය. පහත එන පරිදි ඔවුහු අල්ලාහ්ට දරුවකු ස්ථීර කළෝය. එසේ අල්ලාහ්ට දොස් නැගීම ඔවුනට අවශ්යය නොවීය. එසේ දොස් නගනු ලැබීම ද අල්ලාහ්ට අවශ්ය නොවීය. පසුව පවසන්නාගේ අලංකාර වදන් පිළිබඳ විස්තර කළේය. "c2">“ඔහු මා බොරු කිරීම වූ කලී, ‘මාව උත්පාදනය කළාක් මෙන්ම මා නැවත කිසිවිටෙක හැරී යන්නේ නැත’ යැයි ඔහු කරන ප්රකාශයයි.” එනම් සැබැවින්ම ගැත්තා තම පරමාධිපතිව බොරු කිරීම යනු ශුන්ය තත්ත්වයෙන් පළමු වර මැව්වාක් මෙන් සැබැවින්ම අල්ලාහ් කිසිවිටෙක තමන් මිය ගිය පසුව තමන්ට යළි ජීවය නොදෙන්නේම යැයි විශ්වාස කිරීමයි. එය ප්රතික්ෂේපයකි. බොරු කිරීමකි. පසුව ඔවුනට පිළිතුරු වශයෙන් ඔහු මෙසේ පැවසීය. "c2">“මැවීම් පළමුව උත්පාදනය කර තිබීම එය නැවත ගෙන එන්නට මට වඩාත් පහසු කාර්යයක් නොවන්නේ ද?” එනම් ශුන්යභාවයේ සිට මැවීම් උත්පාදනය කර තිබීමට වඩා මිය ගිය පසු නැවත ජීවය ලබා දීම මා වෙත පහසු කාර්යයක් නොවේ ද යන්නයි. නැත මාගේ බලයේ ඒ දෙකම එක සමානය. නමුත් මූලිකව යමක් පැවතීමත් එයට අදාළ ව්යූහයක් තිබීමත් කිසිවක් නොමැතිව යමක් ගෙන ඒමට වඩා එය නැවත ගෙන ඒම පහසු කර්යයක් වන්නේය. "c2">“ඔහු මට බැණ වැදීම වූ කලී, ‘අල්ලාහ් දරුවකු ගත්තේ ය’ යැයි ඔහු කළ ප්රකාශයයි.” ඔවුහු ඔහුට දරුවකු ස්ථීර කළෝය. අරාබිවරු: මලක්වරු අල්ලාහ්ගේ දූවරුන් යැයි පැවසුවෝය. එය අල්ලාහ්ට කරන දොස් නැගීමකි. එමෙන්ම ඔහුගේ අඩුපාඩු කියා පෑමකි. ඔහු සෙසු මැවීම්වල ස්ථානයට පහත් කිරීමකි. පසුව ඔවුනට පිළිතුරු වශයෙන් "c2">“මම ඒකීයය.” යැයි පැවසීය. එනම් ඔහු සහජයෙන්ම පැවැත්මෙන් මෙන්ම ගුණාංගයෙන් ඒකීයය. සියලු අඩුපාඩුවලින් පිවිතුරුය. සියලු පූර්ණවත් ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවෙකි. "c2">“කිසිදු අවශ්යතාවක් නොමැත්තාය” එනම් කිසිවකුගේ අවශ්යතාවක් ඔහුට නැත. ඔහු හැර අන් සියලු දෙනා ඔහුගෙන් අවශ්යතා පතති. සියලුම ශ්රේෂ්ඨ හා උසස් වර්ගයේ ගුණාංගවලින් ඔහු පරිපූර්ණය. "c2">“මා දාව කිසිවකු බිහි නොකළෙමි.” එනම් මම කිසිවකුට පියෙකු නොවූයෙමි. "c2">“කිසිවෙකු විසින් බිහි කරනු ලැබුවේ ද නැත.” එනම් කිසිවකුට පුතෙකු ලෙස ද මම නොසිටියෙමි. ඊට හේතුව සැබැවින්ම ඔහු කිසිදු ආරම්භයකින් තොරව මුල සිටම පවතින්නෙක් බැවිණි. "c2">“මට සමාන කිසිවකු නොමැත.” එනම්: මට කිසිදු සමානයක් හෝ කිසිදු සමාන දැක්මක් හෝ නැත. එලෙස ඔහුට සමාන කිසිවකු නැතැයි යනුවෙන් පවසා තිබීම පීතෘත්වය, පුත්රත්වය, සහකාරියත්වය හා අනෙකුත් සියලු දෑ ආවරණය කරන්නක් වන්නේය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් ස්වාහිලි පශ්ටු ආසාමි السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර