عَن سَهْلِ بْنِ حُنَيْفٍ رضي الله عنه أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«مَنْ سَأَلَ اللهَ الشَّهَادَةَ بِصِدْقٍ بَلَّغَهُ اللهُ مَنَازِلَ الشُّهَدَاءِ، وَإِنْ مَاتَ عَلَى فِرَاشِهِ».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 1909]
المزيــد ...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව සහ්ල් ඉබ්නු හුනෙයිෆ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“කවරෙකු අල්ලාහ්ගෙන් සැබෑ ලෙස දිවි පිදීම පතන්නේ ද ඔහු ඔහුගේ නිදියහනේ මියැදුණ ද දිවි පිදූවන්ගේ නිලයන් අල්ලාහ් ඔහුට ලඟා තර දෙනු ඇත.”
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم - 1909]
අල්ලාහ්ගේ මාර්ගයේ තම ජීවිතය කැප කොට දිවි පිදීමට යමෙකු පැතුවේ ද, එය අල්ලාහ් වෙනුවෙන්ම කරන බවට වූ ඔහුගේ චේතනාවෙහි ඔහු අවංක සත්‍යවාදියෙකු වී නම් ඔහුගේ එම සැබෑ චේතනාවට අනුව ඔහු ජිහාද් නොවන තත්වයක, නිදියහනේ මිය ගිය ද අල්ලාහ් ඔහුට දිවි පිදූවන්ගේ නිලය පිරිනමනු ඇත.