عن أنس بن مالك رضي الله عنه أنَّ أَعْرَابِيًا قال لرسول الله صلى الله عليه وسلم: مَتَى السَّاعَة؟ قال رسول الله صلى الله عليه وسلم: «مَا أَعْدَدْتَ لَهَا؟» قال: حُبُّ الله ورَسُولِه، قال: «أَنْتَ مَعَ مَنْ أَحْبَبْتَ».
[صحيح] - [متفق عليه]
المزيــد ...

අනස් ඉබ්නු මාලික් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම ගම්බද අරාබිවරයකු පැමිණ අල්ලාහ්ගේ දූතයාණන්ගෙන්: ‘අවසන් හෝරාව කවදා දැ?‘යි විමසා සිටියහ. අල්ලාහ්ගේ දූතයාණෝ: ‘ඔබ ඒ සඳහා සූදානම් කර ඇත්තේ කුමක්දැ?‘යි විමසා සිටියහ. ඔහු: ‘අල්ලාහ්ගේ හා ඔහුගේ දූතයාණන්ගේ ආදරය‘ යැයි පවසා සිටියේය. එතුමා: “ඔබ ප්රිය කළවුන් සමඟ ඔබ වන්නෙහිය.“ යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

ගම්බද අරාබිවරයා (අවසන් හෝරාව කවදාද?) යැයි විමසා සිටියේය. එය මා නොදනමි යැයි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් ඔහුට පවසා සිටියේ නම්, එම ගැමි අරාබිවරයාගේ සිත සුවපත් නොවනු ඇත. නමුත් දූතයාණෝ බුද්ධිමත්ව සිතා මූලික ප්රශ්නයෙන් ඔහු ඉවත් කොට එයට අනිවාර්යය වන දැ කුමක්දැ?යි පවසා ඔහුට පිළිතුරු සපයන්නට සැළැස්වූහ. එය බුද්ධිමත් ක්රියාමාර්ග අතරින් එකකි. එවිට අල්ලාහ්ගේ දූතයාණන් සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාණෝ ඒ සඳහා ඔබ සූදානම් කර ඇත්තේ කුමක්දැ?යි විමසා සිටියහ. එය උනන්දු කරවීමේ ප්රශ්නයකි. එමෙන්ම ඒ ගැන සිතන්නට බල කෙරෙන මෙනෙහි කිරීමකි. එහි නිරත වන්නට සලස්වන්නකි. එවිට එම ගැමි අරාබිවරයා “අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ගේ ආදරය යැයි පවසා සිටියේය. එය ආදරය, කරුණාව දේව විශ්වාසය හා තම ක්රියාව මත යැපීමෙන් ඉවත් වී නිරායාසයෙන්ම පැමිණි පිළිතුරක් විය. දෙවැනි වාර්තාව, එම අරාබිවරයාගේ ප්රකාශයේ අර්ථය තහවුරු කරයි. එනම්, මම ඒ සඳහා අධික ලෙස උපවාසය හෝ සලාතය හෝ සදකාව හෝ එකතු කොට නැත. නමුත් මම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ට ආදරය කරමි. යැයි පැවසීය. එහෙයින් “ඔබ ප්රිය කරන්නන් සමග ඔබ වන්නෙහිය“ යැයි දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ පිළිතුර විය. දූතවරුන්ට ආදරය කිරීම හා ඔවුන්ගේ තරාතිරම්වලට අනුව ඔවුන් අනුගමනය කිරීමේ බලයත් ඔවුනට එරෙහිව වෙනත් අයට ආදරය දැක්වීමේ ප්රවේසමත් මෙම හදීසයේ පෙන්වා දී ඇත. එහෙයින් සැබැවින්ම ආදරය යනු තමන් ප්රිය කරන්නන් සමග වන ආදර සම්බන්ධතාවයේ බලය මත පිහිටන සාධකයකි. ඔහුගේ ගතිගුණවල ගැලපෙන්නකි. එමෙන්ම ඔහුව පිළිපැදීමකි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම කුර්දි පෘතුගීසි ස්වාහිලි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර