عن عائِشَة -رضي الله عنها- مرفوعاً: «لا صلاة بِحَضرَة طَعَام، وَلا وهو يُدَافِعُه الأَخبَثَان».
[صحيح.] - [رواه مسلم.]
المزيــد ...
ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය විසින් වාර්තා කරන ලදී මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි.“ආහාර ඉදිරියේ සලාතය නැත. එමෙන්ම මල හා මූත්රා කිසිවකු දරන්නේ නම් ඔහුට ද සලාතය නැත.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.
මෙම හදීසය සලාතයේ නිරතවන්නාගේ සිත තම පරමාධිපති ඉදිරියට ගෙන ඒමේදී ෂාරිඃ හෙවත් ආගමානුගත කරන්නාගේ අපේක්ෂාව තහවුරු කරයි. එසේ සිදු නොවනුයේ තම අවධානය වෙනතකට යොමු කරන ක්රියාවක් තුළිනි. එවැනි හේතු ඇති වූ විට තැනපත්කම හා බැතිමත්කම නැතිවී යනු ඇත. එහෙයින් සලාතය ඉටු කරන්නාගේ මනස වළක්වාලන එය සමග තම හදවත බන්ධනය කරන ආහාරය ඉදිරියේ සලාතය ඉටු කිරීමෙන් ආගමානු ගත කරන්නා වැළැක්වූහ. එමෙන්ම මළ මූත්ර හිර කරගනිමින් සලාතය ඉටු කිරීමෙන්ද වැළැක්වූහ. හේතුව එසේ හිරකර ගැනීමෙන් වෙනත් සිතුවිලි තුළ ඔහුව නිරත කරවයි.