عَن أَنَسِ بْنِ مَالِكٍ رضي الله عنه قَالَ: قَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«مَا بَالُ أَقْوَامٍ يَرْفَعُونَ أَبْصَارَهُمْ إِلَى السَّمَاءِ فِي صَلاَتِهِمْ»، فَاشْتَدَّ قَوْلُهُ فِي ذَلِكَ، حَتَّى قَالَ: «لَيَنْتَهُنَّ عَنْ ذَلِكَ أَوْ لَتُخْطَفَنَّ أَبْصَارُهُمْ».
[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 750]
المزيــد ...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"ඔවුන්ගේ සලාතයේ දී ඔවුන්ගේ බැල්ම ඔවුන් ඉහළට යොමු කරන ජන පිරිස්වල තත්ත්වය කුමක් ද?" එහි දී එතුමාණන්ගේ ප්‍රකාශය ඉතා දැඩි විය. එය කෙතරම් ද යත්, එතුමාණෝ මෙසේ පැවසූහ: "ඉන් ඔවුන් වැළකී සිටිය යුතුයි. එසේ නැතහොත් ඔවුන්ගේ බැල්ම පැහැරගනු ලබනු ඇත."
[صحيح] - [رواه البخاري] - [صحيح البخاري - 750]
සලාතයේ දී ප්‍රාර්ථනා කරන අවස්ථාවේ හෝ වෙනත් අවස්ථාවක හෝ තම බැල්ම ඉහළට ඔසවා අහස දෙසට යොමු කරන්නන් හට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අනතුරු ඇඟවූහ. පසුව එසේ සිදු කරන්නන්ට එරෙහිව එතුමාණන්ගේ එම හෙළා දැකීම හා අවවාදය ඉතා දැඩි විය. සැබැවින්ම එතුමාණන් ඔවුන්ගේ බැල්ම ඔවුන්ගෙන් පැහැර ගනු ලබනු ඇතැයි හා ඔවුන් නොසිතන අයුරින් ඉතා ඉක්මණින් එය ගනු ඇතැයි එතුමාණෝ අවවාද කළහ. සැබැවින්ම ඔවුන් බැල්මෙහි ආශිර්වාදය අහිමි කර ගත්තෝ ය.