عن أنس بن مالك رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال:
«مَنْ نَسِيَ صَلَاةً فَلْيُصَلِّ إِذَا ذَكَرَهَا، لَا كَفَّارَةَ لَهَا إِلَّا ذَلِكَ: {وَأَقِمِ الصَّلاةَ لِذِكْرِي} [طه: 14]».

[صحيح] - [متفق عليه]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
කවරෙකුට සලාතයක් අමතක වූයේ ද පසුව ඔහුට එය මතක් වූ විට ඔහු එය ඉටු කළ යුතුය. එයට එය හැර වෙනත් ප්‍රතිකර්මයක් නැත. "මා සිහිපත් කරනු පිණිස සලාතය ඉටු කරනු" (තාහා: 14)

පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

සලාතයේ වේලාව අතපසු වී යන තෙක්ම අනිවාර්යය සලාතය ඉටු කිරීමට අමතක වූ තැනැත්තා එය මතක් වූ වහාම එය ඉටු කිරීමට ඉක්මන් විය යුතු බවත් යුහුසුළු විය යුතු බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. එය අත්හැරීමේ පාපයට, මතක් වූ වහාම එය ඉටු කිරීම හැර වෙනත් ප්‍රතිකර් මයක් හා පිළියමක් නැත. අල්ලාහ් ශුද්ධ වූ අල්කුර් ආනයේ මෙසේ පවසයි: "මා මතක් වූ විට ඔබ සලාත් ඉටු කරන්න." (තාහා: 14) එනම්: අමතක වූ සලාතය එය මතක් වූ විට ඉටු කරන්න යන්නයි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු බෙංගාලි චීන පර්සියානු ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. සලාතයේ වැදගත්කම පැහැදිලි කිරීම හා එය ඉටු කිරීමේ දී මෙන්ම එය මතක් වූ වහාම ඉටු කිරීමේදී සැලකිලිමත්වීම ගැන පැහැදිලි කිරීම.
  2. කිසිදු හේතුවකින් තොරව උවමනාවෙන්ම සලාතය එහි නියමිත වේලාවෙන් ප්‍රමාද කිරීම සුදුසු නොවන්නේය.
  3. සලාතය අමතක වූ තැනැත්තා එය මතක් වූ විට ද, නිදාගත් තැනැත්තා අවදි වූ විට ද සලාතයේ වගකීම ඉටු කිරීමේ අනිවාර්යභාවය.
  4. තහනම් කරන ලද වේලාවන්හි වුව ද වහාම එම සලාත් ඉටු කිරීමේ අනිවාර්යභාවය.
අමතර