عن بريدة بن الحصيب رضي الله عنه أنه قال:
بَكِّرُوا بِصَلَاةِ الْعَصْرِ، فَإِنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «مَنْ تَرَكَ صَلَاةَ الْعَصْرِ فَقَدْ حَبِطَ عَمَلُهُ».

[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 553]
المزيــد ...

බුරයිදා ඉබ්නු අල් හසීබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
අසර් සලාතය යුහුසුළුව ඉටු කරන්න. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ “කවරෙකු අසර් සලාතය මග හැරියේ ද සැබැවින්ම ඔහුගේ කටයුතු නිෂ්ඵල විය.”යැයි පැවසුහ.

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත] - [صحيح البخاري - 553]

විවරණය

අසර් සලාතය නියමිත වේලාවෙන් ඔබ්බට හිතාමතාම ප්‍රමාද කිරීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අනතුරු ඇඟවූ අතර, එය කරන තැනැත්තා වලංගු නොවන අතර ඔහුගේ කාර්යය නිෂ්ඵල වේ. යැයි අවවාද කළහ.

හදීසයේ හරය

  1. අසර් සලාතය එහි ආරම්භ වේලාවේදීම සුරක්ෂිතව පිළිපැදීමට හා ඒ සඳහා යුහුසුළු වීමට උනන්දු කරවීම.
  2. අසර් සලාතය මග හරින්නාට දැඩි අවවාදය. එය නියමිත වේලාවෙන් ප්‍රමාද කිරීම අනෙකුත් දෑ ප්‍රමාද කිරීමට වඩා බරපතලය. සැබැවින්ම එය උත්තරීතර අල්ලාහ්ගේ නියෝගය පරිදි විශේෂිත මධ්‍යය සලාතයයි. "සලාත් හා මධ්‍ය කාලයේ සලාතය සුරක්ෂිතව පිළිපදින්න" (අල්-බකරා:238)
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (62)
අමතර