عن ابن مسعود رضي الله عنه قال: ذُكِرَ عند النبي صلى الله عليه وسلم رجل نام ليلة حتى أصبح، قال: «ذاك رجل بال الشيطان في أُذُنَيْهِ - أو قال: في أُذُنِه».
[صحيح] - [متفق عليه]
المزيــد ...

ඉබ්නු මස්ඌද් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. රාත්රියේ නින්දට වැටී අළුයම දක්වා නිදා සිටින මිනිසෙකු ගැන නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඉදිරියේ මෙනෙහි කරන ලදී. එයට එතුමා “එම මිනිසා වනාහි ඔහුගේ දෙකන්හි ෂෙයිතාන් මූත්රා කොට ඇත.“ යැයි පැවසූහ. එසේ නැතිනම් ඔහුගේ කනෙහි යැයි ප්රකාශ වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

හදීසයේ තේරුම:ඉබ්නු මස්ඌද් -රළියල්ලාහු අන්හු- තුමා මෙසේ ප්රකාශ කර සිටියි.රාත්රියේ නින්දට වැටී අළුයම දක්වා නිදා සිටින මිනිසෙකු ගැන නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඉදිරියේ මෙනෙහි කරන ලදී.එනම්: තහජ්ජුද් සඳහා අවදි නොවී අළුයම උදාවන තෙක්ම නිදා සිටින්නකුය. එවිට එතුමා“එම මිනිසා වනාහි ඔහුගේ දෙකන්හි ෂෙයිතාන් මූත්රා කොට ඇත.“එය මතු පිට රැඳුණු දර්ශනයක් මෙන් තිබුණද එහි යථාර්ථය:සැබැවින්ම ෂෙයිතාන් අනුභව කරයි පානය කරයි විවාහ වෙයි.එහෙයින් මූත්රා කිරීමෙන් වැළකී සිටින්නෙකු නොවන බව තහවුරු වෙයි.මෙය ෂෙයිතාන්ව තම ආරක්ෂකයෙකු ලෙස ගැනීමේ තුච්ඡ හා අවමානයේ පහත්ම මට්ටමයි.නින්ද සඳහා ඇස පිළිබඳ සඳහන් කිරීම ඉතා උචිත වූවද මෙහිදී විශේෂයෙන් කන සඳහන් කොට ඇත.ගැඹුරු නින්ද එමඟින් සංකේතවත් කිරීම පිණිසය.මන්දයත් කන යනු අවධානය ඇති කළ හැකි මාධ්යයකි.මෙහි මූත්රා යනුවෙන් විශේෂයෙන් සඳහන් කර ඇත්තේ එය කුහර තුළින් පිවිසීමට පහසු කරුණක් වන බැවිනි.එය නහර පුරා දිවගොස් සියලුම අවයව වලට මැලිකම උරුම කර දෙයි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි ස්වාහිලි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර