عن بريدة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم:
«إِنَّ الْعَهْدَ الَّذِي بَيْنَنَا وَبَيْنَهُمُ الصَّلَاةُ، فَمَنْ تَرَكَهَا فَقَدْ كَفَرَ».

[صحيح] - [رواه الترمذي والنسائي وابن ماجه وأحمد] - [سنن النسائي: 463]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව බුරෙයිදා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී.
"සැබැවින්ම අප හා ඔවුන් අතර පවතින ගිවිසුම සලාතයයි. එහෙයින් කවරෙකු එය මඟ හැරියේ ද සැබැවින්ම ඔහු ප්‍රතික්ෂේප කළේය."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [رواه الترمذي والنسائي وابن ماجه وأحمد] - [سنن النسائي - 463]

විවරණය

සැබැවින්ම මුස්ලිම්වරුන් හා මුස්ලිම් නොවන දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් හා කුහකයින් අතරින් වූ අතර පවතින ගවිසුම හා ප්‍රතිඥාව සලාතයයි. එහෙයින් කවරෙකු එය මඟ හැරියේ ද සැබැවින්ම ඔහු ප්‍රතික්ෂේප කළේය.

හදීසයේ හරය

  1. සලාතයේ වැදගත්මක ශාලය, සැබැවින්ම එය දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා හා දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර්වරයා අතර වෙන් කරන්නකි.
  2. ඉස්ලාමයේ නීතිරීති මිනිසෙකුගේ අභ්‍යන්තරයෙන් නොව ඔහුගේ මතුපිට තත්ත්වයෙන් පිහිටා ඇති බව ස්ථීර කිරීම.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (57)
අමතර