عن حفصة بنت عمر بن الخطاب رضي الله عنهما عن النبي صلى الله عليه وسلم قال: "من أتَى عرَّافًا فسأله عن شيء، فصدَّقه لم تُقْبَلْ له صلاةٌ أربعينَ يومًا".
[صحيح] - [رواه مسلم]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව හෆ්සා බින්ත් උමර් බින් කත්තාබ් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. "c2">“කවරෙකු හෝ සාස්තර කාරයෙකු වෙත පැමිණ ඔහුගෙන් යමක් විමසා පසුව ඔහුව ස්ථීර කරන්නේ ද දින හතළිහක සලාතය ඔහු වෙනුවෙන් පිළිගනු නොලබන්නේමය.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

මෙම හදීසයේ දේව දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අපහට දන්වා සිටියේ: සැබැවන්ම කවරෙකු ගුප්ත දෑ ගැන තර්ක කරමින් අනාගතය ගැන අනාවැකි කියන කෙනෙකු වෙත පැමිණ ගුප්ත යම් කරුණක් පිළිබඳ ඔහුගෙන් විමසා පසුව ඔහු පවසන දෑ තහවුරු කරන්නේ ද සැබැවින්ම අල්ලාහ් ඔහුට දින හතළිහක් සලාතය ඉටු කළ මහිමය තහනම් කරනු ඇත. එය ඔහු කළ පාපය හා මහා අපරාධයට දඬුවමක් වශයෙනි. තවත් හදීසයක පැමිණි ඇති පරිදි ඔවුන් සත්යය බව තහවුරු කරන්නන් වූ කලී සැබැවින්ම ඔහු මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පහළ කරනු ලැබූ දෑ ප්රතික්ෂේප කළේය. සාස්තරකරුවකු වෙත පැමිණෙන්නාගේ ප්රතිවිපාකය මෙසේ වී නම් සාස්තර කරුවාට හිමිවන ප්රතිවිපාකය කෙසේ වේවිද! ඉන් අපි අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමු. එමෙන්ම අල්ලාහ්ගෙන්ම සුවය පතමු.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. සාස්තරකරුවන් වෙත යෑමෙන්, ගුප්ත දෑ පිළිබඳ ඔවුන්ගෙන් විමසා සිටීමෙන් හා ඒ සම්බන්ධයෙන් ඔවුන් සත්යවාදීන් බව පවසා සිටීමෙන් වැළකීම. සැබැවින්ම එය දේවත්වය ප්රතික්ෂේප කරන්නක් වේ.
  2. සාස්තර බැලීමේ තහනම. සැබැවින්ම එය මහා පාපයන් අතරින් එකකි.
  3. මිනිසා කළ පාපයට දඬුවම වශයෙන් අවනත වීමෙන් ඔහුට හිමිවිය යුතු කුසල් තහනම් කරනු ඇත.
අමතර