عن ابن عباس رضي الله عنهما قال: قال رسول الله صلى الله عليه وسلم:
«من اقتبَسَ علْمًا مِنَ النُّجُومِ اقْتبَسَ شُعبَة مِن السِّحرِ، زادَ ما زادَ».
[صحيح] - [رواه أبو داود وابن ماجه وأحمد] - [سنن أبي داود: 3905]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
“කවරෙකු තාරකා ශාස්ත්‍රයෙන් කොටසක් උපුටා ගත්තේ ද, සැබැවින් ඔහු කොටසක් හදාරා ඇත්තේය. එය වැඩිවන තරමට (තවතවත්) වැඩි වනු ඇත.”
[صحيح] - [رواه أبو داود وابن ماجه وأحمد] - [سنن أبي داود - 3905]
තරකා හා ග්‍රහ රාශී පිළිබඳ දැනුම හදාරා, ඒවායෙහි චලනය ඒවායෙහි ප්‍රවේශය ඒවායෙහි අස්ථානගතවීම මහපොළොවේ සිදුවන කිසිවකුගේ මරණයට හෝ ජීවයට හෝ රෝගීභාවයට හෝ අනාගතයේ සිදුවන එවන් වෙනත් දෙයකට ආරෝපණය කරන්නේ ද, සැබැවින්ම ඔහු ඉන්ද්රජාලයෙන් කොටසක් හැදෑරීය. සැබැවින්ම මිනිසා මෙම දැනුම වැඩියෙන් ලබන සෑම විටෙකම ඉන්ද්‍රජලයෙන් ද වැඩි වන්නේය.