عن ابن عباس رضي الله عنهما قال: قال رسول الله صلى الله عليه وسلم : "من اقتَبَس شُعْبَة من النُّجوم؛ فقد اقتَبَسَ شُعْبة من السِّحْر، زاد ما زاد".
[صحيح] - [رواه أبو داود وابن ماجه وأحمد]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කවරෙකු තාරකා සාස්ත්රයෙන් කොටසක් හැදෑරුවේ ද සැබැවින් ඔහු ඉන්ද්රජාලයෙන් කොටසක් හදාරා ඇත්තේය. එය වැඩිවන තරමට වැඩි වනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත.
ගුප්ත දෑ අල්ලාහ් ආරක්ෂා කළ කරුණු අතරින් වන විට එහි රහස්යභාවය සොයා බලා; ඒවා නිරාවරණය කිරීමට උත්සාහ දරණ සෑම කටයුත්තක්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අවලංගු කළේය. තාරකා සාස්ත්රයද එලෙසමය. මහපොළොවේ සිදුවන කරුණු සඳහා තාරකාවල තත්ත්වයන් පදනම් කර ගනිමින් සාධක සොයන ලග්න සාස්ත්රය ද එලෙසමය. සැබැවින්ම ඒවා හැදෑරීම ඉන්ද්රජාලය හැදෑරීමේ කොටසක් බව සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැහැදිලි කළේය. මිනිසා අධිකව එය හදාරන තරමට ඉන්ද්රජාලයෙන් හදාරන කොටස ද අධික වන්නේය.