+ -

عن جابر رضي الله عنه:
أَنَّ رَجُلًا سَأَلَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَقَالَ: أَرَأَيْتَ إِذَا صَلَّيْتُ الصَّلَوَاتِ الْمَكْتُوبَاتِ، وَصُمْتُ رَمَضَانَ، وَأَحْلَلْتُ الْحَلَالَ، وَحَرَّمْتُ الْحَرَامَ، وَلَمْ أَزِدْ عَلَى ذَلِكَ شَيْئًا، أَأَدْخُلُ الْجَنَّةَ؟ قَالَ: «نَعَمْ»، قَالَ: وَاللهِ لَا أَزِيدُ عَلَى ذَلِكَ شَيْئًا.

[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 15]
المزيــد ...

ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
සැබැවින්ම පුද්ගලයකු අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් මෙසේ විමසීය. "මේ ගැන ඔබේ අදහස කුමක් ද? නියම කරන ලද සලාත් ඉටු කර; රමළාන්හි උපවාස ශීලය රැක; අනුමත දෑ අනුමත කරගෙන; තහනම් දෑ තහනම් කරගෙන; පසුව ඒවාට අමතරව වෙනත් කිසිවක් මා විසින් සිදු නොකළේ නම්, මම ස්වර්ගයට පිවිසෙන්නේ ද? එතුමාණෝ: "එසේය" යැයි පිළිතුරු දුන්හ. එවිට ඔහු: "අල්ලාහ් මත දිවුරා ප්‍රකාශ කරමි. ඒවාට වඩා කිසිවක් මම අමතරව සිදු නොකරමි" යැයි පැවසීය.

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත] - [صحيح مسلم - 15]

විවරණය

කවරෙකු අතිරේක සලාත් ඉටු නොකර, නියම කරන ලද පස්වාර සලාත් පමණක් ඉටු කළේ ද, අමතර උපවාසයේ නිරත නොවී රමළාන් උපවාස ශීලය පමණක් රැක්කේ ද, අනුමත දෑ අනුමත යැයි විශ්වාස කොට එය ඉටු කළේ ද, තහනම් දෑ තහනම් බව විශ්වාස කොට ඉන් වැළකී සිටියේ ද සැබැවින්ම ඔහු ස්වර්ගයට පිවිසෙන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙහි පැහැදිලි කර සිටියි.

හදීසයේ හරය

  1. අනිවාර්යය කරන ලද දෑ සිදු කිරීම හා තහනම් කරන ලද දෑ අත්හැරීම සඳහා මුස්ලිම්වරයා උනන්දුව දක්වයි, ඔහුගේ අරමුණ විය යුත්තේ ස්වර්ගයට පිවිසීමය.
  2. හලාල් හෙවත් අනුමත දෑ සිදු කිරීමේ හා එය අනුමත යැයි විශ්වාස කිරීමේ වැදගත්කම හා තහනම් දෑ තහනම් කිරීමේ හා එය තහනම් යැයි විශ්වාස කිරීමේ වැදගත්කම.
  3. අනිවාර්යය කරන ලද දෑ ඉටු කිරීම හා තහනම් කරන ලද දෑ අත්හැරීම ස්වර්ගයට පිවිසීමට හේතු වේ.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية Yoruba الليتوانية الدرية الصربية الصومالية الطاجيكية Kinyarwanda الرومانية المجرية التشيكية الموري Malagasy الفولانية ඉතාලි Oromo Kannada الولوف البلغارية Azeri اليونانية الأوزبكية الأوكرانية الجورجية المقدونية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර