عَنِ ابْنِ مَسْعُودٍ رَضِيَ اللَّهُ عَنْهُ، قَالَ: قَالَ رَجُلٌ: يَا رَسُولَ اللَّهِ، أَنُؤَاخَذُ بِمَا عَمِلْنَا فِي الجَاهِلِيَّةِ؟ قَالَ: «مَنْ أَحْسَنَ فِي الإِسْلاَمِ لَمْ يُؤَاخَذْ بِمَا عَمِلَ فِي الجَاهِلِيَّةِ، وَمَنْ أَسَاءَ فِي الإِسْلاَمِ أُخِذَ بِالأَوَّلِ وَالآخِرِ».
[صحيح] - [متفق عليه]
المزيــد ...

ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මිනිසෙකු: ‘අල්ලාහ්ගේ දූතයාණනි! අඥාන සමයේ අප සිදු කළ දෑ හේතුවෙන් අප (වැරදිකරුවන් බවට) හසු කරනු ලබන්නෙමුදැ?යි විමසා සිටියේය. එතුමා: "c2">“කවරෙකු ඉස්ලාමය තුළ දැහැමි ලෙස කටයුතු කළේ ද ඔහු, අඥාන සමයේ සිදු කළ ක්රියාවන් හේතුවෙන් (වරදකරුවකු ලෙස) හසු කරනු නොලැබේ. කවරෙකු ඉස්ලාමය තුළ දුෂ්ඨ ලෙස කටයුතු කළේ ද ඔහු අරම්භයේත් අවසානයේත් (සිදු කළ දෑ හේතුවෙන්) ග්රහණය කරනු ලැබේ.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පැමිණ ඔවුන් අඥාන සමයේ සිදු කළ පාපකම් හා වැරදි වලට දඬුවම් කරනු ලැබ වැරදිකරුවන් බවට හසු කරනු ලබන්නෝ දැයි විමසා සිටියේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා: ‘කවරෙකු ඉස්ලාමය තුළ දැහැමි ලෙස කටයුතු කළේ ද ඔහු,’ -එනම් ඉස්ලාම් දහම තුළ අඛණ්ඩව රුඳී සිටිමින් එහි ත්යාගශීලීව කටයුතු කිරීමත් පාපකම් අතහැරීමත් වේ.- ‘අඥාන සමයේ සිදු කළ පාපකම් සම්බන්ධයෙන් විභාග කරනු නොලබනු ඇත. ඒවා ‘මිනී මැරුම්, දුරාචාරය, වැනි මහා පාපයන් වුව ද කුඩා පාපයන් වුවද එක සමානය. කවරෙකු ඉස්ලාමය තුළ දුෂ්ඨ ලෙස කටයුතු කළේ ද තම දහමින් ඉවත් වන්නේද දේවත්වය ප්රතික්ෂේප කරමින් සිටි කාලයේ මෙන්ම ඉස්ලාමය තුළ ද ඔහු සිදු කළ දෑ සම්බන්ධයෙන් ප්රශ්න කරනු ලබනු ඇත. මෙයයි මෙහි නිවැරදි අර්ථය වනුයේ. ‘අසාඅ’ දුෂ්ඨකම යන පදයට ඉස්ලාමය තුළ පිටුපෑම හා පව් කිරීම යනුවෙන් ද අර්ත නිරූපණය කර ඇත. නමුත් ‘සැබැවින්ම ඉස්ලාමය ඊට පෙර දෑ සඳහා සමාව දෙනු ඇතැ’යි යනුවෙන් ප්රජාව ඒකමතිකව දරණ මතයට විරුද්ධ වීමක් එහි මතුපිටින් පෙනෙන්නේය. සහීහ් මුස්ලිම් හි සඳහන් හදීසයත් එය පෙන්වා දෙයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි. ‘අහෝ නබිවරය! නුඹ දේවත්වය ප්රතික්ෂේප කළවුන්ට මෙසේ පවසනු. ඔවුන් වැළකී සිටියේ නම් ඔවුන් පෙර කළ දෑ සඳහා ඔහු ඔවුනට සමාව දෙනු ඇත. නමුත් ඔවුන් නැවත හැරී යන්නේ නම් මුල් ජීවත් වූවන්ගේ ඉරණම ගෙවී ගොස් ඇත.” මින් අර්ථවත් වන්නේ: දේවත්වය ප්රතික්ෂේප කරමින් සිටි කාලයේ ඔහුගෙන් සිදු වූ දෑ හා සිදු වූ අවලස්සන දෑ සඳහා තරවටු කරන්නාක් මෙනි. එනම් ඔහුට මෙසේ පවසන්නාක් මෙන් පවතී. ‘ඔබ දේවත්වය ප්රතික්ෂේප කරන්නෙකුව සිටියදී ඔබ මේ මේ දේ සැබැවින්ම සිදු කළෙහිය. නුඹ ඉස්ලාමය වැළඳ ගත් විට එවැනි දෙයක් නැවත සිදු කිරීමෙන් ඔබේ ඉස්ලාමය ඔබව නොවැළැක්වූයේ ද? පසුව ඔහු -ඉස්ලාමය තුළ සිටියදී- සිදු කළ පාපකම් සඳහා දඬුවම් පිරිනමයි. තවදුරටත් ඉස්ලාමයේ දුෂ්ඨකම් කිරීම යන අර්ථය නිවැරදි ඉස්ලාමය ඔහු තුළ නොවීම යනුවෙන් හෝ ඔහු කුහකයකු හා එවැනි තත්ත්වයක පසුවන්නෙකු මෙන් වීමෙන් ඔහුගේ දේව විශ්වාසය පිවිතුරු නොවීම යනුවෙනි. පිළිගැනීමට වඩාත් උචිත වනුයේ පළමුව අර්ථ නිරූපණයයි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. යහකම් කිරීමටත් ඒවා පිළිගැනීමටත් නබි සහගාමීන් තුළ තිබූ උනන්දුව.
  2. ඉස්ලාමය තුළ දැහැමි කටයුතු සිදු කිරීමටත් පාපකම් අතහැරීමටත් දිරි ගැන්වීම.
  3. ඉස්ලාමයෙන් ඉවත් වූ තැනැත්තා ඉස්ලාමය තුළ මෙන්ම දේවත්වය ප්රතික්ෂේප කළ කාලය තුළ ඔහු කළ ක්රියාවන් පිළිබඳ විභාග කරනු ලැබේ.
අමතර