عن ابن عباس رضي الله عنهما : أن رسول الله صلى الله عليه وسلم لما بعث معاذا إلى اليمن قال له: "إنك تأتي قوما من أهل الكتاب، فليكن أولَ ما تدعوهم إليه شهادة أن لا إله إلا الله" -وفي رواية: "إلى أن يوحدوا الله-، فإن هم أطاعوك لذلك فأعلمهم أن الله افترض عليهم خمس صلوات في كل يوم وليلة، فإن هم أطاعوك لذلك فأعلمهم أن الله افترض عليهم صدقة تؤخذ من أغنيائهم فَتُرَدُّ على فقرائهم، فإن هم أطاعوك لذلك فإياك وكَرَائِمَ أموالِهم، واتق دعوة المظلوم فإنه ليس بينها وبين الله حجاب".
[صحيح] - [متفق عليه]
المزيــد ...

ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් මුආද් (රළියල්ලාහු අන්හු) ව යමනයට එවූ කල්හි එතුමා ඔහුට: සැබැවින්ම ඔබ ආගම් ලත් ජනයා අතරින් පිරිසක් වෙත යන්නෙහිය. ඔබ ඔවුන් ඇරයුම් කරන පළමු කාරණාව ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත’ යනුවෙන් සාක්ෂි දැරීම වෙත විය යුතුය. -තවත් වාර්තාවක ‘ඔවුන් අල්ලාහ්ව ඒකීයකරණය කිරීම වෙත විය යුතුය’ යැයි සඳහන්ව ඇත.- එවිට ඔවුන් ඒ සඳහා ඔබට අවනත වූයේ නම්, සැබැවින්ම සෑම රාත්රියකම දහවලකම අල්ලාහ් ඔවුනට පස් වතාවක් සලාතය අනිවාර්යය කර ඇති බව ඔබ ඔවුනට දැනුම් දෙන්න. එයට ද ඔවුන් ඔබට අවනත වූයේ නම් සැබැවින්ම ඔවුන්ගේ පොහොසතුන්ගෙන් ලබා ඔවුන්ගේ දුප්පතුන්හට පිරිනමන සදකා නොහොත් සකාත් පිළිබඳ ඔවුනට දැනුවත් කරන්න. ඒ සඳහා ද ඔවුන් ඔබට අවනත වූයේ නම්, ඔවුන්ගේ ධනයේ ගෞරවය ගැන ඔබ අවවාදයෙන් සිටිය යුතුය. අපරාධ කරනු ලබන්නන්ගේ ශාපයට බිය වනු. සැබැවින්ම එය හා අල්ලාහ් අතර කිසිදු තිරයක් නැත.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලලම්) තුමා මුආද් ඉබ්නු ජබල් (රළියල්ලාහු අන්හු) තුමා ව අල්ලාහ් වෙත ජනයා ඇරයුම් කරන්නෙකු හා ගුරුවරයකු ලෙස යමන් පළාතට එවූ කල්හි ඔහුගේ ඇරයුමෙහි ඔහු ගමන් කළ යුතු සැළැස්ම ද ඇන්දේය. පසු ව සැබැවින්ම ඔහු යුදෙව්වන් හා කිතුනුවන් අතර සිටින තාර්කික දැනුමෙන් යුත් පිරිසක් මුණ ගැසෙන බව විස්තර කළහ. ඒ අනුව ඔවුන්ගේ දැක්මට හා ඔවුන්ගේ සැකයට පිළිතුරු දීම සඳහා සූදානම් වන්නට විය. පසු ව ඔහුගේ ඇරයුමෙහි වඩාත් වැදගත් කරුණින් ද ඉන්පසු වඩාත් වැදගත් කරුණින් ද ආරම්භ කරන්නට විය. පළමුව ජනයාගේ ප්රතිපත්තිය විධිමත් කිරීම සඳහා ඔහු ඔවුන් ඇරයුම් කළේය. ඊට හේතුව සැබැවින්ම එය අත්තිවාරම වන බැවිණි. ඒ සඳහා ඔවුන් අවනත වූ විට සලාතය විධිමත්ව ඉටු කරන මෙන් ඔවුනට ඔහු නියෝග කළේය. එය දේව ඒකීයත්වයට පසු අනිවාර්යය වන අතිවැදගත් කාරණාවක් වන බැවිණි. පසු ව ඔවුන් එය විධිමත්ව ඉටු කළේ නම් ඔවුන් අතර සිටි පොහොසතුන්ගෙන් ඔවුන්ගේ ධනය සතු සකාත් ලබා ඔවුන් අතර සිටින දුප්පතුන්ට පිරිනමන මෙන් නියෝග කළේය. එය ඔවුනට සැනසුමක් මෙන්ම අල්ලාහ් වෙනුවෙන් වූ තුති පුදකිරීමකි. ඉන් පසුව පිරිසිදු මුදල් ලබා ගැනීමෙන් එතුමා ඔහුට අවවාද කර තිබිණි. සැබැවින්ම අනිවාර්යය වනුයේ මධ්යස්ථභාවයයි. පසුව යුක්තිය ඉටු කිරීමටත් අසාධාරණකම් අතහැරීමටත් එතුමා ඔහුව දිරිමත් කර සිටියේය. එය අසාධාරණයට ලක් වූ තැනැත්තා ශාප කොට ඔහුගේ ශාපයට ඔහු ගොදුරු නොවනු පිණිසය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. උත්තරීතර අල්ලාහ් වෙත ඇරයුම් කරන්නන් එවීම ආගමානුගත කරන ලද්දකි.
  2. නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බවට සාක්ෂි දැරීම අනිවාර්යය වන පළමුවන වගකීමයි. එමෙන්ම ජනයා ඒ වෙත ඇරයුම් කරනු ලබන පළමුවන කරුණ ද එයයි.
  3. නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බවට සාක්ෂි දැරීමෙන් අදහස් කරනුයේ නැමදුම් කිරීමෙහි අල්ලාහ් ඒකීයත්වයට පත් කොට ඔහු හැර සෙසු දෑ නැමදුම් කිරීම අතහැර දැමීමයි.
  4. මිනිසා ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ යන පදයේ අර්ථය නොදැන හෝ දහම් ලත් ජනයා මෙන් අර්ථය දැන සිටියත් ඒ අනුව කටයුතු නොකර එය කියවමින් සිටියි.
  5. බුද්ධිමතෙකු සමග කතා කිරීම අඥානයකු සමග කතා කරන්නක් මෙන් නොවේ. “සැබැවින්ම ඔබ ආගම් ලත් ජනයා අතරට යන්නෙහිය.” යන්නෙන් එය පිළිඹිබු වේ.
  6. විශේෂයෙන්ම ඇරයුම් කරන්නා තම දහම පිළිබඳ පැහැදිලි සාධක මත පසුවිය යුතු බව දිරිගන්වයි. එවිටය සැකකරුවන් ඔවුන්ගේ සැකවලින් මුදවා ගත හැකි වන්නේ. එය දැනුම සෙවීමෙන් ලබන්නකි.
  7. සැබැවින්ම සාක්ෂි දෙකින් පසු වඩාත් වැදගත් අනිවාර්ය කටයුත්ත වනුයේ සලාතයයි.
  8. පස්වාර සලාත්හි අනිවාර්යයභාවය.
  9. විත්ර් සලාතය අනිවාර්යය කරුණක් නොවේ.
  10. සැබැවින්ම සලාතයෙන් පසු පවතින වගකීම් අතරින් අනිවාර්යය වනුයේ සකාතයයි.
  11. පොහොසතුන්හට සකාත් පිරිනැමීම සුදුසු නොවන්නේය.
  12. සකාත් පිරිනමනු ලැබිය යුතු කණ්ඩායම් පිළිබඳ විස්තර කිරීම, ඔවුන් දුප්පතුන්ය. එවැන්නන් මත පමණක් සීමා කිරීමේ අනුමැතිය. එබැවින් සකාත් ලැබිය යුතු කණ්ඩායම් අටම ආවරණය විය යුතුයි යන්නට අනිවාර්යය බවක් නොමැත.
  13. මෙම හදීසයට අනුව, සකාත් අනිවාර්යය වූ ජනයා තම ප්රදේශයේ සිටින දුප්පතුන් අතරේ එය පිරිනැමීම ආගමානුගත කර ඇත. වෙනත් ප්රදේශයක දැඩි අවශ්යතාවකින් පෙළීම හෝ තම දුප්පත් ඥාතීන් දැක ගන්නට ලැබීම හෝ එවන් වෙනත් යහපත් හේතු සඳහා වෙනත් ප්ර්දේශයකට එම සකාත් යැවීමද සුදුසුය. එහි කිසිදු වරදක් නැත.
  14. සැබැවින්ම සකාත් දේව ප්රතික්ෂේපකයින්හට පිරිනමනු නොලැබේ.
  15. ශුද්ධ මුදලින් එහි අයිතිකරුගේ කැමැත්ත පරිදි මිස සකාත් අය කිරීම සුදුසු නොවන්නේය.
  16. හොදම මුදලින් සකාත් අය කිරීමේ තහනම. එසේ ගනු ලබනුයේ මධ්යස්ථ දෑය.
  17. අසාධාරණකම් කිරීමෙන් ප්රවේසම් වීම. සැබැවින්ම අසාධාරණයට ලක් වූ අයෙක් පාපියෙකු වුව ද ඔහුගේ ශාපය පිළිගනු ලැබේ.
අමතර