+ -

عن أبي مالك الحارث بن الأشعري رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم: «الطهور شطر الإيمان، والحمد لله تملأ الميزان، وسبحان الله والحمد لله تملآن -أو تملأ- ما بين السماء والأرض، والصلاة نور، والصدقة برهان، والصبر ضياء، والقرآن حجة لك أو عليك، كل الناس يغدو: فبائعٌ نفسَه فمُعتِقُها أو مُوبِقها».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ මාලික් අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“පිරිසිදුකම ඊමාන් -දේව විශ්වාසයෙ-හි අඩකි. අල් හම්දු ලිල්ලාහ් -සියලු පැසසුම් අල්ලාහ්ටය යන ප්රකාශය- තුලාව පුරවා දමයි. සුබ්හානල්ලාහ් -අල්ලාහ් අති පිවිතුරුය- අල්හම්දු ලිල්ලාහ්- සියලු පැසසුම් අල්ලාහ්ටය යන ප්රකාශ දෙක අහස් හා මහපොළොව අතර ඇති දෑ පුරවා දමයි. සලාතය ආලෝකයයි. දානය දීප්තියයි, ඉවසීම ඇවිලෙන ආලෝකයයි. අල් කුර්ආනය ඔබට පක්ෂව හෝ විපක්ෂව පිහිටන සාධකයයි. සෑම මිනිසෙකුම උදෑසන අවදි වනුයේ තම ආත්මය විකුණන්නෙකු ලෙසය. එය නිදහස් වීමට හෝ විනාශ වී යාමට හේතු වන්නේය.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

"c2">“පිරිසිදුකම ඊමාන් -දේව විශ්වාසයෙ-හි අඩකි” යැයි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙනෙහි කළහ. ‘අත් තහූර්’ -පිරිසිදුකම- යනුවෙන් අදහස් කරනුයේ ‘පිරිසිදු භාවයයි. තහූර් යනු පිරිසිදු කිරීමට ගන්නා ජලයයි. නමුත් මෙහි අදහස් කරනුයේ පිරිසිදුකම යන ක්රියාවයි. මෙමගින් අපවිත්ර දෑ ඉවත් කිරීමෙන් හා කිලිටි බැහැර කිරීමෙන් ශරීරය පිරිසිදු කිරීම. දේව ආදේශය හා සිත්හි පවතින රෝගවලින් සිත පිරිසිදු කර ගැනිම යන බාහිර හා අභ්යන්තර පිරිසිදුකම අපේක්ෂා කෙරේ. ‘දේව විශ්වාසයේ අඩකි’ එනම් සලාතයේ අඩකි. පිරිසිදුකම නොමැතිව එය පිළිගනු නොලැබේ. තවදුරටත් එතුමා: ‘අල් හම්දු ලිල්ලාහ් -සියලු පැසසුම් අල්ලාහ්ටය යන ප්රකාශය- තුලාව පුරවා දමයි’ යනුවෙන් පවසා සිටියහ. ‘අල්හම්දු ලිල්ලාහ්’ යනු අල්ලාහ් කෙරෙහි දක්වන ආදරය හා ගරුත්වය සමගම ඔහුගේ කීර්තියේ ස්වරූපය මෙන්ම ඔහුගේ පූර්ණ ගුණාංග හේතුවෙන් ඔහුට කෙරෙන ගුණ ගැයුමකි. ක්රියාවන් මනින තුලාව එය පුරවා දමනු ඇත. සුබ්හානල්ලාහ් -අල්ලාහ් අති පිවිතුරුය- අල්ලාහ්ට නොගැළපෙන අඩුපාඩුවලින් හා ඔහුව මැවිම්වලට සමාන කිරීමෙන් ඔහුව පිවිතුරු කිරිමය. ‘සුබ්හානල්ලාහ්, වල්හම්දුලිල්ලාහ්’ යන ප්රකාශය -හෝ ප්රකාශ දෙක- අහස් හා මහපොළොව අතර ඇති දෑ පුරවා දමයි. එහි දුර ප්රමාණය වසර පන්සීයකි. මින් එක් වදනක් හෝ වදන් දෙකක් එය පුරවා දමනු ඇත. ඊට හේතුව අල්ලාහ්ගේ භාග්යයට සීමාවක් නොමැති බැවිණි. ‘සලාතය ආලෝකයයි.’ එය මෙලොව ආලෝකය මෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී ගැත්තාට ආලෝකයක් වන්නේය. ‘දානය දීප්තියයි.’ එනම් අදාළ පුද්ගලයාගේ දේව විශ්වාසය තහවුරු කරන වඩාත් ස්ථායී සාධකයකි. සැබැවින්ම ආත්මාවන් ධනය කෙරෙහි ඇල්ම දක්වයි. නමුත් මිනිසා එම ධනය තම පිරිසිදු සිතින් නිකුත් කරන විට සැබැවින්ම එය ඔහුගේ දේව විශ්වාසය තහවුරු කරන ස්ථායී තිරසාර සාධකයක් වන බවට කිසිදු සැකයක් නැත. ‘ඉවසීම ඇවිලෙන ආලෝකයයි.’ මෙය කොටස් තුනකින් ඇති වන්නකි. අවනතභාවය මත ඉවසීම, පාපයෙන් දුරස්වීම මත ඉවසීම හා ඇති වන වේදනාවන් මත ඉවසිමයි. එය අලෝකය ඇති කරන්නකි. අදාළ පුද්ගලය සතු මාර්ගය ආලෝකමත් කරයි. ‘අල් කුර්ආනය ඔබට පක්ෂව හෝ විපක්ෂව පිහිටන සාධකයයි.’ අල් කුර්ආනය යනු ජිබ්රීල් අලයිහිස් සලාම් තුමා හරහා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාහට පහළ කරන ලද දෙදෙනා අතර සුරක්ෂිත කරන ලද අල්ලාහ්ගේ වදනයි. එය කියාවන්නා රහ්මාන් සමග කතා කරන්නේය. ඔබ එහි ඇති දෑ සියල්ල සත්යය බව විශ්වාස කර; එහි ඇති නියෝග ක්රියාත්මක කර; එහි තහනම් කර ඇති දැයින් වැළකී සිටියේ නම් එය ඔහුට සාධකයක් වනු ඇත. මළවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනයේ එය ඔහුට පක්ෂව පිහිටනු ඇත. එසේ නොමැති නම් එය ලබා ධාරණය කොට පසුව එය අමතක කර දමා සලාතයෙන් ඉවත් වී එහි විධානයන්ට හා තහනම් දෑට විරුද්ධව කටයුතු කළෙහි නම් ඔබට එය විපක්ෂව පිහිටනු ඇත. ‘සෑම මිනිසෙකුම උදෑසන අවදි වෙයි.’ එනම් සෑම මිනිසෙකුම උදෑසන අවදි වූ විට පෝෂණ සම්පත් සොයා මහපොළොවේ විසිරී යයි. නමුත් ඒ අතරින් ඇතැම් ජනයා තම යහපත වෙනුවෙන් අවදි වෙයි. ඇතැම් ජනයා තම විනාශය වෙනුවෙන් අවදි වෙයි. ඔවුන් සියලු දෙනා තම ආත්මය විකුණයි. එනම් එය සේවය සඳහා යොදවයි. සැබැවින්ම එය අල්ලාහ් වෙනුවෙන් විකුණන්නේ නම් නිරා ගින්නෙන් එය මිදෙනු ඇත. පාපකම්, වැරදි හා පිළිකුල් සහගත දෑ කරමින් ෂෙයිතාන් වෙත එය විකුණන්නේ නම් නිරා ගින්නට පිවිස එය විනාශ වී යයි.

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු පර්සියානු වියට්නාම කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. මෙය සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ පුළුල් අර්ථ සහිත සංශිප්ත වදන් අතරින් වූවකි.
  2. බාහිරය හා අභ්යන්තරය පිරිසිදුව තබා ගැනීමේ වැදගත්කම.
  3. උත්තරීතර අල්ලාහ්ව මෙනෙහි කිරීමේ මහිමය.
  4. සැහැල්ලු වදන් තුළින් ඒවාට අතිමහත් ප්රතිඵල නියම කරමින් දක්වන අල්ලාහ්ගේ කරුණාව.
  5. සලාතය නොඩකවා ප්රවේසමෙන් ඉටු කිරීමේ වැදගත්කම. එය මෙලොව මෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ද ගැත්තාට ආලෝකය ගෙන දෙයි.
  6. සදකාව නොහොත් දානය දේව විශ්වාසය තහවුරු කිරීමේ සාධකයකි.
  7. අල් කුර්ආනය ඔබට විරුද්ධ නොවී පක්ෂව පිහිටීම සඳහා ඒ අනුව ක්රියා කිරීමේ හා එය තහවුරු කිරීමේ වැදගත්කම.
  8. සැබෑ නිදහස යනු අල්ලාහ්ට අවනතවීම තුළින් ක්රියාත්මක වන නිදහසයි. එය තමන් කැමති සියල්ල ඉටු කිරීමට මිනිසා තමන් යෙදවීම නොවේ.
  9. සැබැවින්ම මිනිසා යහපත හෝ නපුර හෝ සිදු කළ යුතු වේ.
ප්‍රවර්ග
අමතර