عن سالم بن أبي الجَعْدِ قال: قال رجل: ليتني صَلَّيتُ فاسترحْتُ، فكأنّهم عابُوا ذلك عليه، فقال: سمعتُ رسولَ الله صلى الله عليه وسلم يقول:
«يا بلالُ، أقِمِ الصَّلاةَ، أرِحْنا بها».

[صحيح] - [رواه أبو داود]
المزيــد ...

සාලිම් ඉබ්නු අබුල් ජඃද් තුමා විසින් වාර්තා කරන ලදී. මිනිසකු: මම සලාත් ඉටු කර සැනසුම ලැබිය යුතු නොවේ ද! යැයි පැවසීය. එය ඔවුන් ඔහුට දොස් නගන්නාක් මෙන් විය. එවිට ඔහු: අල්ලාහ්ගේ දූතයාණන් කරමින් සිටි ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා මෙසේ දන්වා සිටියේය:
"අහෝ බිලාල් ඔබ සලාත් ඉටු කරන්න; එමගින් සැනසුම ලබන්න"

පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.

විවරණය

සහාබාවරුන් අතරින් මිනිසෙකු: 'මම සලාත් ඉටු කර විවේක ගත යුතු නොවේ ද' යැයි පැවසීය. එය ඔහු අවට සිටි අය ඒ සඳහා දොස් නගන්නාක් මෙන් විය. එවිට ඔහු 'අහෝ බිලාල්! ඔබ සලාතය සඳහා අදාන් උස් හඬින් පවසන්න. තවද ඒ සඳහා ඉකාමත් පවසන්න. එමගින් අපි සැනසුමට පත්වන්නෙමු. එය උත්තරීතර අල්ලාහ් සමග එහිදී ඇති කරගන්නා ඍජු සම්බන්ධතාවය හා හදවතට හා ආත්මයට දැනෙන සැනසුමයි'.යනු නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තමාණන් පවසනු මම අසා ඇත්තෙමි.' යැයි කීය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු බෙංගාලි චීන පර්සියානු ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා මලයාලම් ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. හදවතේ සැනසුම සලාතය තුළින් ඇති වේ. එහිදී උත්තරීතර අල්ලාහ් සමග ඍජු සම්බන්ධතා පවත්වන බැවිනි.
  2. නැමදුම බරක් බවට පත් කර ගන්නා තැනැත්තා හෙළා දැකීම.
  3. තමන්ට පැවරුණු අනිවාර්ය කටයුත්ත ඉටු කර තම වගකීමෙන් නිදහස් වන්නා, එතුළින් සැනසුම ලබන අතර තැන්පත්කම ඔහුට දැනෙනු ඇත.
අමතර