عن جندب بن عبد الله رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «مَنْ صَلَّى صلاةَ الصُّبْحِ فهو في ذِمَّةِ اللهِ فلا يَطْلُبَنَّكُمُ اللهُ مِنْ ذِمَّتِهِ بِشَيْءٍ، فَإِنَّهُ مَنْ يَطْلُبْهُ مِنْ ذِمَّتِهِ بِشَيْءٍ يُدْرِكْهُ، ثُمَّ يَكُبُّهُ على وَجْهِهِ في نَارِ جَهَنَّمَ».
[صحيح] - [رواه مسلم]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව ජුන්ද් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කවරෙකු සුබ්හ් සලාතය ඉටු කළේද ඔහු අල්ලාහ්ගේ රැකවරණය තුළ වෙයි. ඔහුගේ රැකවරණයේ පවතින කිසිවක් ගැන අල්ලාහ් ඔබෙන් ප්රශ්න නොකළ යුතුය. ඔහුගේ රැකවරණය තුළ පවතින යමක් සම්බන්ධයෙන් ඔහු කවරෙකුගෙන් ප්රශ්න කරන්නේ ද ඔහු ඔහුව හසුකරගෙන ඔහු මුණින් අත පෙරළා අපා ගින්නට ඇදගෙන යනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.
කවරෙකු සුබ්හ් සලාතය ඉටු කළේද ඔහු අල්ලාහ්ගේ ගිවිසුම තුළට ඇතුලු විය. කිසිවකුගෙන් හෝ ඔහුට යම් නපුරක් සිදු නොවන්නට අල්ලාහ් සමග ගිවිසුමක් ඇති කරගත් අයකු මෙන් වන්නේය. එහෙයින් කිසිවකුත් ඔහුට හිංසා කිරීම අනුමත නොවන්නේය. හේතුව ඔහුට හිංසා කිරීම අල්ලාහ් ට එරෙහි වූ සතුරුකමක් ලෙස සළකනු ලැබේ. එමෙන්ම සලාතය ඉටු කළ තැනැත්තා වෙනුවෙන් ඔහු පිරිනැමූ ආරක්ෂාව කඩ කළාක් මෙන් සළකනු ලැබේ. කවරෙකු අල්ලාහ්ගේ ගිවිසුම කඩ කර සීමාව ඉක්මවා කටයුතු කර ඇත්තේ ද සැබැවින්ම ඔහු අල්ලාහ් සමග සටන් කිරීම සඳහා ඔහුව ඉදිරිපත් කර ඇත්තේය. අල්ලාහ්ගේ ආරක්ෂාවේ හා වගකීමේ සිටියදී කවරෙකු හිංසාවට ලක් කරනු ලැබුවේ ද අල්ලාහ් ඔහු වෙනුවෙන් ප්රතිචාර දක්වනු ඇත.