عن أبي هريرة رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال: «أَثقَل الصَّلاةِ على المُنَافِقِين: صَلاَة العِشَاء، وصَلاَة الفَجر، وَلَو يَعلَمُون مَا فِيها لَأَتَوهُمَا وَلَو حَبْوُا، وَلَقَد هَمَمتُ أًن آمُرَ بِالصَّلاَةِ فَتُقَام، ثُمَّ آمُر رجلاً فيصلي بالنَّاس، ثُمَّ أَنطَلِق مَعِي بِرِجَال معهُم حُزَمٌ مِن حَطَب إلى قَومٍ لاَ يَشهَدُون الصَّلاَة، فَأُحَرِّقَ عَلَيهِم بُيُوتَهُم بالنَّار».
[صحيح] - [متفق عليه]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රාකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“කුහකයින්හට වඩාත් අසීරු සලාතය වනුයේ ඉෂා සලාතය හා ෆජ්ර් සලාතයයි. එහි ඇති මහිමය ඔවුහු දැන ගන්නෙහු නම් ඒ දෙක වෙත දණගසමින් හෝ පැමිණෙනු ඇත. සැබැවින්ම මම සලාතය සඳහා නියෝග කොට; ඒ සඳහා ඉකාමත් කියනු ලැබ; පසුව මිනිසෙකුට නියෝග කොට ඔහු ජනයාට සලාතය මෙහෙයවා; පසුව දර මිටි දරාගත් මිනිසුන් මා සමග සලාතයට සහභාගී නොවූ පිරිසක් වෙත ගමන් කර; ඔවුන්ගේ නිවෙස් ඔවුන් සමග ගින්නෙන් පුළුස්සා ලීමට සිතමි.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

සැබැවින්ම කුහකයෝ මිනිසුනට ප්රදර්ශනය වෙමින් පසුවූහ. අල්ලාහ් ඔවුන් ගැන පවසා සිටියාක් මෙන් ඔවුහු ස්වල්පයක් මිස අල්ලාහ්ව මෙනෙහි නොකරති. ඉෂා සලාතයේ හා ෆජ්ර් සලාතයේ ඔවුන්ගේ මැලිකම හෙළි වනු ඇත. ඊට හේතුව සැබැවින්ම ඒ දෙක අඳුරු වේලාවෙහි පවතින බැවින් සලාතය ඉටු කරන මිනිසුන් ඔවුන් දැක ගන්නට නොහැකි නිසාවෙනි. සැබැවින්ම කුහකයින් විවේකී හා සුව නින්දෙහි පසුවන අවස්ථාවන්හි එම සලාත් පිහිටා ඇති මෙම සලාත් වාර දෙක ඔවුන් සීමා කර ගැනීම අපට දැක ගත හැක. මේ දෙක සාමුහිකව ඉටු කිරීමට උනන්දු වන්නේ අල්ලාහ් පිළිබඳ විශ්වාසය දරන මතුලොව කුසල් බලාපොරොත්තු වන අයකු පමණි. සඳහන් කරනු ලැබූ තත්ත්වයෙහි මෙම නියෝගය වූ කල, මෙම සලාත් දෙක කුහකයින්හට වඩාත් අසීරු හා දුෂ්කර සලාත් දෙකක් බවට පිහිටයි. දේවස්ථානයේ මුස්ලිම්වරුන් සමූහයක් සමග ඒ දෙක ඉටු කිරීමෙහි ප්රතිඵල හා කුසල් පිළිබඳ ඔවුන් දැන ගන්නේ නම්, දරුවකු අතින් හා දණින් දණගසා ගමන් කරනවාක් මෙන් දණ ගසමින් හෝ ඒ වෙත පැමිණෙනු ඇත. සමූහයා සමග ඒ දෙක ඉටු කිරීමට මැලිකම් දක්වන්නන්ගේ හා පසු බසින්නන්ගේ දඬුවම ගැන එතුමා මෙසේ සිතූහ. එනම්: සලාතය සඳහා නියෝග කරනු ලැබ; සාමුහිකව සලාතය සඳහා සූදානම් වී; පසුව මිනිසෙකුට නියෝග කර; එතුමාගේ ස්ථානයේ සිට ඔහු මිනිසුනට සලාතය මෙහෙයවා; පසුව සලාතයට සහභාගී නොවූ පිරිස් වෙත එතුමා සමග දර මිටි ඔසවාගත් පිරිසක් කැටුව ඇවිද ගොස්; පසුව ඔවුන් ඔවුන්ගේ නිවෙස් සමග පුළුස්සා දැමීමය. එය ඔවුන් සමූහ සලාතයෙන් පසුබෑමෙන් සිදු කළ වරදෙහි දරුණු බව නිසාවෙනි. ඇතැම් හදීස්වල සඳහන් වී ඇත්තාක් මෙන් නිවෙස් තුළ කාන්තාවන් හා කිසිදු පාපයක් සිදු නොකළ අහිංසක දරුවන් නොවී නම්, (එසේ සිදුකරන්නට තිබුණි.)

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. වැඩිවියට පත් පිරිමින් මත සමූහ සලාතය අනිවාර්ය වූවකි.
  2. යහපත ගෙන ඒමට වඩා අයහපත වැළැක්වීම සඳහා ප්රමුඛත්වය දෙනු ලැබේ. දඬුවම නියම නොවූවන් හට දඬුවම් කිරීමේ බිය හැර මෙම ක්රමය තුළින් ඔවුනට දඬුවම් කිරීම එතුමාව වැළැක්වූයේ නැත.
  3. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දඬුවම් කරන බවට තර්ජන කර ඇති බැවින් තහනම් කළ කරුණු අතරින් වඩාත් සැහැල්ලු දෙයකින් යම් පාපයක් ඉවත් වන්නේ නම් ඉහළ දඬුවමක් නොදී ඉන් පමණක් අවසන් කරනු ලැබේ.
  4. කුහකයින්හට සියලුම සලාත් බරක් වන්නේය. ඒවායින් ඔවුනට වඩාත් දුෂ්කරම සලාත් වනුයේ ඉෂා සහා ෆජ්ර් සලාත් දෙක වේ.
  5. කුහකයෝ ඔවුන්ගේ නැමදුම් තුළින් මුහුණිච්චාව හා ප්රදර්ශනය මිස වෙනකක් අපේක්ෂා නොකරති. ඊට හේතුව මිනිසුන් සහභාගී වන අවස්ථාවන්වල මිස සලාත් සඳහා ඔවුන් නොපැමිණෙන බැවිණි.
  6. ඉෂා හා ෆජ්ර් සලාත් දෙකෙහි මහිමය.
  7. ඉෂා සහා ෆජ්ර් සලාතය සාමහුකිව ඉටු කිරීමේදී ලැබෙන කුසල්හි බර. සැබැවින්ම ඒ දෙක ඉටු කිරීම සඳහා දණගාමින් හෝ පැමිණීම වඩාත් උචිතය.
  8. ඉෂා හා ෆජ්ර් සලාත් දෙකෙහි බර ඉසිලී ඇත්තේ ඒ දෙක සාමහුහිකව ඉටු කිරීම මතය. මෙහි පෙන්වා දී ඇති සන්දර්භය අනුව සැබැවින්ම කැඳවුම්කරුගේ ශක්තියට දුෂ්කර වනුයේ ඒ දෙකින් ඔහු පසුබෑම වන අතර වෙනතකට හැරී යන්නාගේ ශක්තියට දුෂ්කර වනුයේ ඒ දෙකට සහභාගී වීමෙන් ඔහු දුරස්වීමය.
  9. සලාතය මෙහෙයවන්නාට කාර්යබහුලතාවයක් ඇති වූ විටෙක මිනිසාට සලාතය මෙහෙය වීම සඳහා ඔහු විසින් නියෝජිතයකු පත් කිරීමේ අවසරය.
  10. වැරදි කරුවන් නොසැලකිලිමත්කමින් අවදිකරවීම.
අමතර