عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ رضي الله عنها أَنَّهُ سَمِعَ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ:
«إِذَا سَمِعْتُمُ الْمُؤَذِّنَ فَقُولُوا مِثْلَ مَا يَقُولُ، ثُمَّ صَلُّوا عَلَيَّ، فَإِنَّهُ مَنْ صَلَّى عَلَيَّ صَلَاةً صَلَّى اللهُ عَلَيْهِ بِهَا عَشْرًا، ثُمَّ سَلُوا اللهَ لِيَ الْوَسِيلَةَ، فَإِنَّهَا مَنْزِلَةٌ فِي الْجَنَّةِ، لَا تَنْبَغِي إِلَّا لِعَبْدٍ مِنْ عِبَادِ اللهِ، وَأَرْجُو أَنْ أَكُونَ أَنَا هُوَ، فَمَنْ سَأَلَ لِيَ الْوَسِيلَةَ حَلَّتْ لَهُ الشَّفَاعَةُ».
المزيد
තමන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට සවන් දුන් බව පවසමින් අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නුල් ආස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ ප්‍රකාශ කරන ලදී.
"අදාන් පවසන මුඅද්දින් වරයාට ඔබ සවන් දුන් විට, ඔහු පවසන අයුරින්ම ඔබත් පවසන්න. පසුව මා වෙත (සලවාත්) ආශිර්වාද පවසන්න. හේතුව කවරෙකු මා වෙත සලවාත් පවසන්නේ ද අල්ලාහ් ඔහු වෙත දස වාරයක් සලාවාත් (ආශිර් වාද) පවසනු ඇත. පසුව මා වෙනුවෙන් අල්ලාහ්ගෙන් 'වසීලාව' පතන්න. සැබැවින්ම එය ස්වර්ගයේ ඇති නිලයකි. එය අල්ලාහ්ගේ ගැත්තන් අතරින් ගැත්තෙකුට හැර වෙනත් කිසිවකුට සුදුසු වන්නේ නැත. එය මා විය යුතු යැයි මම අපේක්ෂා කරමි. කවරෙකු මා වෙනුවෙන් 'වසීලාව' පතන්නේ ද ඔහුට මාගේ මැදිහත් වීම නියම වනු ඇත."