عَنْ ‌مَحْمُودِ بْنِ لَبِيدٍ رضي الله عنه:
أَنَّ ‌عُثْمَانَ بْنَ عَفَّانَ أَرَادَ بِنَاءَ الْمَسْجِدِ فَكَرِهَ النَّاسُ ذَلِكَ، وَأَحَبُّوا أَنْ يَدَعَهُ عَلَى هَيْئَتِهِ، فَقَالَ: سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «مَنْ بَنَى مَسْجِدًا لِلهِ بَنَى اللهُ لَهُ فِي الْجَنَّةِ مِثْلَهُ».

[صحيح] - [متفق عليه]
المزيــد ...

මහ්මූද් ඉබ්නු ලබීද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
උස්මාන් ඉබ්නු අෆ්ෆාන් මස්ජිදය ඉදි කිරීමට අපේක්ෂා කළේය. එවිට ජනයා එය පිළිකුල් කළෝය. එය තිබෙන ස්වරූපයෙන්ම තිබෙන්නට හැරීමට ඔවුහු ප්‍රිය කළෝය. එවිට එතුමා: අල්ලාහ්ගේ දූතයාණන් කරමින් සිටි ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා මෙසේ පැවසීය: "කවරෙකු අල්ලාහ් වෙනුවෙන් මස්ජිදයක් ඉදි කළේ ද ඔහු වෙනුවෙන් ඒ හා සමාන දෙයක් ස්වර් ග උයනේ ඉදි කරනු ඇත."

පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

උස්මාන් ඉබ්නු අෆ්ෆාන් (රළියල්ලාහු අන්හු) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මස්ජිදයේ ආරම්භක ගොඩනැගිල්ලට වඩා අලංකාර අයුරින් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමට අපේක්ෂා කළේය. එවිට එම ගොඩනැගිල්ල නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ කාලයේ තිබූ ස්වරූපයෙන් ‍වෙනස් වන බැවින් ඒ සඳහා ජනයා පිළිකුල් කළෝය. එය මැටියෙන් තනන ලද, වහල ඉඳි කොළ වලින් සාදන ලද ගොඩනැගිල්ලක් විය. උස්මාන් (රළියල්ලාහු අන්හු) තුමා ගල් හා සිමෙන්ති වලින් එය ගොඩ නගන්නට සිතුවේය. පසුව උස්මාන් තුමා ඔවුනට මෙසේ පවසා සිටියේය: ප්‍රදර්ශනය කිරීමකින් හෝ මුහුණිච්චාවෙන් තොරව උත්තරීතර අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් කවරෙකු මස්ජිදයක් තනන්නේ ද ඔහු කළ ක්‍රියා වර් ගයට වඩා උතුම් ප්‍රතිඵල ඔහුට අල්ලාහ් දායාද කරනු ඇත. එම ප්‍රතිඵලය වනුයේ ඒ හා සමාන දෙයක් ස්වර් ග උයනේ ඔහු වෙනුවෙන් අල්ලාහ් තනා දීමය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු බෙංගාලි චීන පර්සියානු ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා මලයාලම් ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. මස්ජිදය ඉදි කිරීමට උනන්දු කරවීම හා එහි මහිමය.
  2. මස්ජිදය පුළුල් කිරීම හා එය ප්‍රතිසංස්කරණය කිරීම මස්ජිදයක් ඉදි කිරීමේ මහිමය තුළට ඇතුළත් වන්නකි.
  3. සියලු ක්‍රියාවන් තුළ උත්තරීතර අල්ලාහ් වෙනුවෙන් අවංකභාවය පුද කිරීම වැදගත් වන්නේය.
අමතර