+ -

عَنْ ‌أَبِي هُرَيْرَةَ رَضِيَ اللهُ عَنْهُ: أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«صَلَاةٌ فِي مَسْجِدِي هَذَا خَيْرٌ مِنْ أَلْفِ صَلَاةٍ فِيمَا سِوَاهُ إِلَّا الْمَسْجِدَ الْحَرَامَ».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 1190]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් ‍මෙසේ වාර්තා කරන ලදී:
"මාගේ මස්ජිදයේ සලාත් ඉටු කිරීම ඒ හැර වෙනත් තැන්හි සලාත් දහසක් ඉටු කිරීමට වඩා උතුම්ය. නමුත් මස්ජිදුල් හරාම්හි හැර.

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 1190]

විවරණය

තම මස්ජිදයේ සලාත් ඉටු කිරීමේ මහිමය ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැහැදිලි කළහ. සැබැවින්ම එය මහපොළොවේ පිහිටා ඇති සෙසු මස්ජිදයන්හි ඉටු කරන සලාතයට වඩා දහස් ගුණයකින් උතුම්ය. නමුත් මක්කාවේ පිහිටි මස්ජිදුල් හරාමය හැර. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මස්ජිදයේ ඉටු කරන සලාතයට වඩා උතුම් වේ.

හදීසයේ හරය

  1. මස්ජිදුල් හරාම්හි සහ මස්ජිදුන් නබවියෙහි ඉටු ක‍ෙරෙන සලාත්හි ප්‍රතිඵල ගුණ කරනු ලැබේ.
  2. මස්ජිදුල් හරාම් තුළ ඉටු කෙරෙන සලාතය සෙසු මස්ජිද්වල ඉටු කරන සලාතයට වඩා සිය දහස් වාර්යක් උතුම් වේ.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි තුර්කි බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية Yoruba الليتوانية الدرية الصربية الصومالية Kinyarwanda الرومانية المجرية التشيكية الموري Malagasy ඉතාලි Oromo Kannada الولوف Azeri الأوكرانية الجورجية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර