عَنْ أَبِي قَتَادَةَ السَّلَمِيِّ رضي الله عنه أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«إِذَا دَخَلَ أَحَدُكُمُ الْمَسْجِدَ فَلْيَرْكَعْ رَكْعَتَيْنِ قَبْلَ أَنْ يَجْلِسَ».
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 444]
المزيــد ...
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ කතාදා අස්-සලමී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"ඔබ අතරින් කිසිවකු හෝ මස්ජිදයට පිවිසි විට, තමන් වාඩි වීමට පෙර රකආත් දෙකක් ඉටු කළ යුතු වේ."
[صحيح] - [متفق عليه] - [صحيح البخاري - 444]
කවර වේලාවක හෝ කවර කරුණක් සඳහා හෝ යමෙකු මස්ජිදයට පැමිණියේ නම්, ඔහු වාඩි වීමට පෙර රකආත් දෙකක් ඉටු කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දිරිමත් කළහ. එය පඬුරු වශයෙන් මස්ජිදය සඳහා කෙරෙන රකආත් දෙකයි.