عَنْ أَبِي حُمَيْدٍ أَوْ عَنْ أَبِي أُسَيْدٍ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«إِذَا دَخَلَ أَحَدُكُمُ الْمَسْجِدَ فَلْيَقُلِ: اللَّهُمَّ افْتَحْ لِي أَبْوَابَ رَحْمَتِكَ، وَإِذَا خَرَجَ فَلْيَقُلِ: اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ فَضْلِكَ».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 713]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුමෙයිද් හෝ අබූ උසෙයිද් තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"ඔබ අතරින් කිසිවෙකු හෝ මස්ජිදයට පිවිසි විට, ඔහු "අල්ලාහුම්මෆ්තහ්ලී අබ්වාබ රහ්මතික" යැයි පැවසිය යුතුය. ඔහු පිටත් වූ විට "අල්ලාහුම්ම ඉන්නී අස්අලුක මින් ෆළ්ලික" යැයි පැවසිය යුතුය."
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم - 713]
මස්ජිදයට පිවිසෙන අවස්ථාවේ "අල්ලාහුම්මෆ්තහ් ලී අබ්වාබ රහ්මතික" යනුවෙන් ප්‍රාර්ථනා කරන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම සමූහයාට පෙන්වා දුන්හ. එහි දී අදාළ තැනැත්තා අල්ලාහ්ගේ කරුණාවට හේතුවන සාධක සළසා දෙන මෙන් උත්තරීතර අල්ලාහ්ගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම බැහැර වන්නට අපේක්ෂා කළ විට ඔහු: "අල්ලාහුම්ම ඉන්නී අස්අලුක මින් ෆළ්ලික" යනුවෙන් පැවසිය යුතුය. එහි දී අල්ලාහ්ගේ භාග්‍යයෙන් හා හලාල් (අනුමත) පෝෂණයෙන් තමන්ට උපතාර කරන මෙන් ඉල්ලා සිටියි.