عَنْ ‌أَبِي حُمَيْدٍ أَوْ عَنْ ‌أَبِي أُسَيْدٍ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«إِذَا دَخَلَ أَحَدُكُمُ الْمَسْجِدَ فَلْيَقُلِ: اللَّهُمَّ افْتَحْ لِي أَبْوَابَ رَحْمَتِكَ، وَإِذَا خَرَجَ فَلْيَقُلِ: اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ فَضْلِكَ».

[صحيح] - [رواه مسلم]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුමෙයිද් හෝ අබූ උසෙයිද් තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"ඔබ අතරින් කිසිවෙකු හෝ මස්ජිදයට පිවිසි විට, ඔහු "අල්ලාහුම්මෆ්තහ්ලී අබ්වාබ රහ්මතික" යැයි පැවසිය යුතුය. ඔහු පිටත් වූ විට "අල්ලාහුම්ම ඉන්නී අස්අලුක මින් ෆළ්ලික" යැයි පැවසිය යුතුය."

පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

මස්ජිදයට පිවිසෙන අවස්ථාවේ "අල්ලාහුම්මෆ්තහ් ලී අබ්වාබ රහ්මතික" යනු‍වෙන් ප්‍රාර්ථනා කරන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම සමූහයාට පෙන්වා දුන්හ. එහි දී අදාළ තැනැත්තා අල්ලාහ්ගේ කරුණාවට හේතුවන සාධක සළසා දෙන මෙන් උත්තරීතර අල්ලාහ්ගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම බැහැර වන්නට අපේක්ෂා කළ විට ඔහු: "අල්ලාහුම්ම ඉන්නී අස්අලුක මින් ෆළ්ලික" යනුවෙන් පැවසිය යුතුය. එහි දී අල්ලාහ්ගේ භාග්‍යයෙන් හා හලාල් (අනුමත) පෝෂණයෙන් තමන්ට උපතාර කරන මෙන් ඉල්ලා සිටියි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු බෙංගාලි චීන පර්සියානු ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා මලයාලම් ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. මස්ජිදයට පිවිසෙන අවස්ථාවේ මෙන්ම ඉන් පිටත යන අවස්ථාවේ ප්‍රාර්ථනා කිරීම සතුටුදායකය.
  2. පිවිසීමේ දී ආශිර්වාදය හා පිටවීමේ දී භාග්‍යය මෙනෙහි කිරීම මෙහි විශේෂ කරුණකි. සැබැවින්ම පිවිසෙන්නා අල්ලාහ් වෙත හා ඔහුගේ ස්වර්ගය වෙත සමීප කරවන කරුණුවල කාර්යබහුල වේ. ඒ අනුව එහි රහ්මත් හෙවත් කරුණාව මෙනෙහි කිරීම ඇත. ඔහු පිටව යන විට අල්ලාහ්ගේ භාග්‍යය තුළින් පෝෂණය සොයා මහපොළොවේ සැරිසරයි. එබැවින් භාග්‍යය එහි මෙනෙහි කර ඇත.
  3. මෙම ප්‍රාර්ථනා මස්ජිදයට පිවිසීමට අපේක්ෂා කරන අවස්ථාවෙහි හා ඉන් බැහැරව යන්නට අපේක්ෂා කරන අවස්ථාවෙහි පවසනු ලබන ප්‍රාර්ථනා වේ.
අමතර