+ -

عن ثَوْبَانَ رضي الله عنه قال:
كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا انْصَرَفَ مِنْ صَلَاتِهِ اسْتَغْفَرَ ثَلَاثًا، وَقَالَ: «اللَّهُمَّ أَنْتَ السَّلَامُ، وَمِنْكَ السَّلَامُ، تَبَارَكْتَ ذَا الْجَلَالِ وَالْإِكْرَامِ»، قَالَ الْوَلِيدُ: فَقُلْتُ لِلْأَوْزَاعِيِّ: كَيْفَ الْاسْتِغْفَارُ؟ قَالَ: تَقُولُ: أَسْتَغْفِرُ اللهَ، أَسْتَغْفِرُ اللهَ.

[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 591]
المزيــد ...

සව්බාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම සලාතයෙන් හැරුණු විට තුන් වරක් අල්ලාහ්ගෙන් සමාව අයැද, ‘අල්ලාහුම්ම අන්තස්-සලාම් ව මින්කස් සලාම් තබාරක්ත යා දල් ජලාලි වල් ඉක්රාම්’ යා අල්ලාහ් ඔබ ශාන්තය. ශාන්තභාවය ඔබෙන් වන්නකි. කීර්තියෙන් හා ත්යාගශීලී භාවයෙන් යුක්ත ඔබ උත්කෘෂ්ඨ විය.’ යැයි පවසා සිටියහ. වලීද් තුමා මෙසේ පවසයි: මම අව්සාඊ තුමාගෙන්, සමාව අයදින්නේ කෙසේදැ?යි විමසා සිටියෙමි. එතුමා: ඔබ "අස්තග්ෆිරුල්ලාහ් අස්තග්ෆිරුල්ලා" යැයි පවසන්න. (මම අල්ලාහ්ගෙන් සමාව අයදිමි, මම අල්ලාහ්ගෙන් සමාව අයදිමි.)යයි කීය.

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත] - [صحيح مسلم - 591]

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම සලාතය අවසන් කළ විට අස්තග්ෆිරුල්ලාහ්, අස්තග්ෆිරුල්ලාහ්, අස්තග්ෆිරුල්ලාහ් (මම අල්ලාහ්ගෙන් සමාව අයදිමි) යැයි පවසා සිටියහ.
පසුව "අල්ලාහුම්ම අන්තස්-සලාම් වමින්කස් සලාම් තබාරක්ත යා දල් ජලාලි වල් ඉක්රාම්" (යා අල්ලාහ් ඔබ ශාන්තය. ශාන්තභාවය ඔබෙන් වන්නකි. කීර්තියෙන් හා ත්‍යාගශීලී භාවයෙන් යුක්ත ඔබ උත්කෘෂ්ඨ විය.) යැයි තම පරමාධිපතිට එතුමාණෝ ගරුබුහුමන් කළහ. අල්ලාහ් වනාහි, ඔහුගේ ගුණාංවල ඔහු පරිපූර්ණය. සියලු අඩුපාඩුවලින් පිවිතුරුය. මෙලොව හා මතුලොව සියලුම හානිවලින් ආරක්ෂාව පැතිය යුත්තේ ඔහුගෙන් මිස වෙනත් අයගෙන් නොවේ. ඔහු සුවිශුද්ධය. දොලොවෙහි ඔහුගේ යහපත අධිකව ඇත. ඔහු බලධාරිත්වයේ හා ත්‍යාගශීලීත්වයේ හිමිය.

හදීසයේ හරය

  1. සලාතයෙන් පසු පාපක්ෂමාවෙහි යෙදීම හා එහි අඛණ්ඩව නිරත වීම සතුටුදායකය.
  2. නැමදුම්වලට ඇති අඩු පාඩු පූර්ණවත් කිරීම සඳහාත්, අවනත වීමෙහි එහි සිදු වූ පුරප්පාඩු පිරවීම සඳහාත් පාපක්ෂමාවෙහි නිරත වීම සතුටුදායකය.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية Yoruba الليتوانية الدرية الصربية الصومالية الطاجيكية Kinyarwanda الرومانية المجرية التشيكية الموري Malagasy ඉතාලි Kannada الولوف البلغارية Azeri الأوكرانية الجورجية المقدونية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර