عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ:
كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَدْعُو وَيَقُولُ: «اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ عَذَابِ القَبْرِ، وَمِنْ عَذَابِ النَّارِ، وَمِنْ فِتْنَةِ المَحْيَا وَالمَمَاتِ، وَمِنْ فِتْنَةِ المَسِيحِ الدَّجَّالِ». وفِي لَفْظٍ لِمُسْلِمٍ: «إِذَا فَرَغَ أَحَدُكُمْ مِنَ التَّشَهُّدِ الْآخِرِ، فَلْيَتَعَوَّذْ بِاللهِ مِنْ أَرْبَعٍ: مِنْ عَذَابِ جَهَنَّمَ، وَمِنْ عَذَابِ الْقَبْرِ، وَمِنْ فِتْنَةِ الْمَحْيَا وَالْمَمَاتِ، وَمِنْ شَرِّ الْمَسِيحِ الدَّجَّالِ».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 1377]
المزيــد ...

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
“අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ "අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මින් අදාබිල් කබ්රි, වමින් අදාබින් නාරි, වමින් ෆිත්නතිල් මහ්යා වල් මමාති, වමින් ෆිත්නතිල් මසීහිද් දජ්ජාල්" යනුවෙන් ප්‍රාර්ථනා කළහ. මුස්ලිම්හි එන වාර්තාවක “නුඹලා කිසිවකු හෝ (සලාතයෙහි) අත්තහිය්යාත්හි තෂහ්හුද් පවසා අවසන් කළ විට කරුණු හතරක් ගැන අල්ලාහ්ගෙන් ආරක්ෂාව පැතිය යුතුය. එනම්, අපා ගින්නේ දඬුවමින්, මිනීවලෙහි වේදනාවෙන්, ජීවිතය හා මරණයේ අර්බූධයෙන් හා මසීහුද් දජ්ජාල්ගේ නපුරෙන් වන ආරක්ෂාවයි."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 1377]

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සලාතයේ දී අවසන් තෂහ්හුදයෙන් පසුව හා සලාම් පැවසීමට පෙර කරුණු හතරකින් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පැතූහ. ඒවායින් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතන මෙන් එතුමාණෝ අපට ද නියෝග කළහ.
පළමුවැන්න: මිනීවලෙහි දඬුවමින්.
දෙවැන්න: අපා ගින්නේ වේදනාවෙන්. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී ය.
තුන්වැන්න: මෙලොවෙහි තහනම් කරන ලද අශාවන් හා මුළා කරන සුළු සැකයන් හේතුවෙන් ජීවිතයේ ඇතිවන අර්බූධවලින් වූ අරාක්ෂාව හා මිය යන මොහොතේ ඇතිවන අර්බූධයෙන් ආරක්ෂාවය. එනම් මරණ මොහොතේ දී ඉස්ලාමයෙන් හෝ සුන්නාවෙන් බැහැර වීමය. එසේ නැතහොත් මලක්වරුන් ප්‍රශ්න කිරීම වැනි මිනී වලෙහි ඇති වන අර්බූධයෙන් ආරක්ෂාව පැතීමය.
සිව්වැන්න: අවසන් කාලයේ බැහැරට එන මසීහුද් දජ්ජාල්ගේ අර්බූධයයි. අල්ලාහ් ඔහු තුළින් තම ගැත්තන් පරීක්ෂණයට ලක් කරනු ඇත. ඔහුගේ අර්බූධයේ හා ඔහුගේ මුළාවෙහි බරපතලකම පෙන්වීම සඳහා මෙම සිහිපත් කිරීම විශේෂයෙන් සිදු කර ඇත.

හදීසයේ හරය

  1. ආරක්ෂාව පැතීමේ මෙම ප්‍රාර්ථනාව වැදගත් ප්‍රාර්ථනා අතරින් එකකි. එය මෙලොවෙහි හා මතුලොවෙහි හානියෙන් ආරක්ෂා පැතීම පොදුවේ ආවරණය වී ඇත.
  2. මිනීවලෙහි දඬුවම හා සැබැවින්ම එය සත්‍යයක් බව සනාත කිරීම.
  3. අර්බුදයේ භයානක කම හා අල්ලාහ්ගෙන් උපකාරය පතා ඉන් මිදීම සඳහා ප්‍රාර්ථනා කිරීමේ මහිමය.
  4. දජ්ජාල්ගේ පැමිණීම හා ඔහුගේ අර්බූධයේ බරපතලකම සහතික කිරීම.
  5. අවසන් තෂහ්හුදයෙන් පසු මෙම ප්‍රාර්ථනාව පැතීම සතුටුදායකය.
  6. දැහැමි ක්‍රියාවෙන් පසු ප්‍රාර්ථනා කිරීම සතුටුදායකය.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (56)
අමතර