عن عبد الله بن الزبير -رضي الله تعالى عنهما- أنّه كانَ يقول: في دبر كل صلاة حين يُسلِّم «لا إله إلا الله وحده لا شريكَ له، له الملك وله الحمد وهو على كل شيءٍ قديرٌ، لا حولَ ولا قوةَ إلا بالله، لا إله إلا الله، ولا نعبد إلا إيَّاه، له النِّعمة وله الفضل، وله الثَّناء الحَسَن، لا إله إلا الله مخلصين له الدِّين ولو كَرِه الكافرون» وقال: «كان رسول الله صلى الله عليه وسلم يُهَلِّل بهن دُبُر كلِّ صلاة».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

අබ්දුල්ලාහ් ඉබ්නු සුබෙයිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම සෑම සලාතයකටම පසුව සලාම් පවසන අවස්ථාවේ එතුමා මෙසේ පවසන්නට වූහ. "c2">“ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්. ලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහි ලා ඉලාහ ඉල්ලල්ලාහු වලා නඃබුදු ඉල්ලා ඉයියාහු ලහුන් නිඃමතු වලහුල් ෆල්ලූ වලහුල් සනාඋල් හසන් ලා ඉලාහ ඉල්ලල්ලාහු මුහ්ලිසීන ලහුද්දීන වලව් කරිහල් කාෆිරූන්.” තේරුම: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවෙක් හෝ කිසිවක් හෝ නොමැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල් කරුවෙකු නොමැත. සියලු බලතල ඔහු සතුය. ප්රශංසා සියල්ල ඔහුටමය. සෑම දෙයක් කෙරෙහිම ඔහු ශක්තිය ඇත්තාය. අල්ලාහ්ගෙන් හැර කිසිම ශක්තියක් හෝ බලවේගයක් නොමැත. ඔහු හැර වෙනත් දෙවියෙකු නැත. ඔහු හැර වෙන කිසිවෙකුට අපි නැමදුම් නොකරන්නෙමු. සියලූ දායාදයන් ඔහු සතුය. ශ්රේෂ්ඨත්වය ද උතුම් වූ උපහාරය ද ඔහුටම හිමිය. නැමදුමට සුදුස්සා ඔහු හැර වෙන කිසිවෙක් හෝ කිසිවක් නොමැත. ප්රතික්ෂේප කරන්නන් විරුද්ධ වුව ද සියලු නැමදුම් ඔහු වෙනුවෙන් පමණක් ඉටු කරමු. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සෑම සලාතයකට පසුවම මෙසේ තහ්ලීල් පවසන්නෙකු ලෙස සිටයහැයි මෙතුමා තවදුරටත් පවසා සිටියහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

අබ්දුල්ලාහ් ඉබ්නු සුබෙයිර් (රළියල්ලාහු අන්හුමා) තුමා අනිවාර්යය සලාතයේ සලාම් දෙන අවස්ථාවේ මෙම මහඟු අනුවාදය පවසන්නෙකු වූහ. මෙහි නැමදුමෙහි උරුමය උත්තරීතර අල්ලාහ්ට පමණක් සතු බවත් ඔහු සමග කිසිදු හවුල්කරුවකු නොමැති බවත් තහවුරු කිරීම, බාහිර මෙන්ම අභ්යන්තරයේ සර්ව රාජ්යය ඔහුට පමණක් සතු බව තහවුරු කිරීම, සියලුම අවස්ථාවන්හි සියලු ප්රශංසා ඔහුට උරුම කිරීම, ගැත්තා තම නොහැකියාව හා තම අඩුපාඩුකම් තම පරමාධිපති අබියස පිළිගනිමින් තමන්ගේ ශක්තිය හා බලය ගැන පසෙකලා හානිය වැළැක්වීමේදී බලය හා යහපත ලැබීමේ හැකියාව අල්ලාහ් හැර තමන්ට නොමැති බව විශ්වාස කරමින් ඔහුව පිළිගැනීම වැනි ඉතා වැදගත් තේරුම් ඇති කරුණු ගණනාවක්ම එහි තුළ පවතී. එමෙන්ම සමෘද්ධියෙන් පිරුණු මෙම අනුවාදය වනාහි, පවතින ආශිර්වාදයන් එය පිරිනමන්නා වෙත සම්බන්ධ කර ඇත. ඔහුගේ පැවැත්ම ඔහුගේ ගුණාංග ඔහුගේ ක්රියාවන් ඔහුගේ ආශිර්වාද යනාදී සියල්ලෙහි හා අනෙකුත් සියලුම අවස්ථාවන්හි ඔහු සතු පූර්ණත්වය හා ඔහු සතු අලංකාර ගුණාංග මෙනෙහි කිරීම් ද මෙහිදී ඔහුට සම්බන්ධ කර ඇත. පසුව මෙම අනුවාදය ‘ලාඉලා ඉල්ලල්ලාහ් යන ඒකීයත්වයේ ප්රකාශය මෙනෙහි කරමින් දේවත්වය ප්රතික්ෂේප කළවුන් පිළිකුල් කළද නැමදුමෙහි අල්ලාහ්ට පමණක් චිත්ත ඒකාග්රතාවයෙන් යුතුව නැමදුම් කළ යුතු යැයි පවසා අවසන් කොට ඇත. පසුව අබ්දුල්ලාහ් ඉබ්නු සුබෙයිර් (රළියල්ලාහු අන්හුමා) සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සලාතය නිමා කොට සලාම් පැවසූ විට දෙවියන් ඒකීයත්වයට පත් කරන මෙම අනුවාදය පෙළ ගස්වා කියවන්නෙකු වූහ. එතුමා සමග සහභාගී වූ පිරිසට ඉගැන්වීම පිණිස එතුමා තම හඬ උස් කොට මෙය පාරායනය කර ඇත්තාහ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. අනිවාර්යය කරන ලද සෑම සලාතයකින් පසුවම පූර්ණ වර්ණනාවන් සහිත ගොනු කරන ලද මෙම අද්කාර් හෙවත් අනුවාද කියවමින් පිළිපැදීමේ සතුටුදායකත්වය.
  2. චිත්ත ඒකාග්රතාව හා අනුගමනය යන කරුණු දෙක මත දහම දෝලනය වන්නේය. ඉස්ලාමය මෙහෙයවනු ලබන්නේ ඒ දෙක විසිනි.
  3. නබි පිළිවෙත ක්රියාත්මක කිරීමේ හා එය ප්රචාරය කිරීමේ සහාබාවරුන්ගේ උනන්දුව.
  4. මුස්ලිම්වරයා තම දහම ගැන නිහතමානී වන අතර දෙවත්වය ප්රතික්ෂේප කරන්නන් කුමක් කතා කළත් එය නහයට ගණන් නොගෙන එහි චාරිත්ර වාරිත්ර හා සංකේතවත් කරන දෑ හෙළි දක්වයි.
අමතර