عَنْ عَائِشَةَ رضي الله عنها قَالَتْ:
فَقَدْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَيْلَةً مِنَ الْفِرَاشِ فَالْتَمَسْتُهُ فَوَقَعَتْ يَدِي عَلَى بَطْنِ قَدَمَيْهِ وَهُوَ فِي الْمَسْجِدِ وَهُمَا مَنْصُوبَتَانِ، وَهُوَ يَقُولُ: «اللهُمَّ أَعُوذُ بِرِضَاكَ مِنْ سَخَطِكَ، وَبِمُعَافَاتِكَ مِنْ عُقُوبَتِكَ، وَأَعُوذُ بِكَ مِنْكَ لَا أُحْصِي ثَنَاءً عَلَيْكَ أَنْتَ كَمَا أَثْنَيْتَ عَلَى نَفْسِكَ».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 486]
المزيــد ...
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී:
“එක් රාත්‍රියක අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) නිදියහනේ දැක ගන්නට නොහැකි වීය. පසුව මම (අතපතගා) එතුමාණන් සොයන්නට ගත්තෙමි. එවිට එතුමාණන් මස්ජිදයේ සිටිය දී එතුමාණන්ගේ දෙපා මැද මාගේ අතට හසු විය. ඒ දෙක සිටුවාගත් තත්ත්වයේ පැවතුනි. එතුමා මෙසේ ප්‍රාර්ථනා කරමින් සිටියහ.
اللهُمَّ أَعُوذُ بِرِضَاكَ مِنْ سَخَطِكَ، وَبِمُعَافَاتِكَ مِنْ عُقُوبَتِكَ، وَأَعُوذُ بِكَ مِنْكَ لَا أُحْصِي ثَنَاءً عَلَيْكَ أَنْتَ كَمَا أَثْنَيْتَ عَلَى نَفْسِكَ
(අහෝ අල්ලාහ්! ඔබේ කෝපය වෙනුවට ඔබේ පිළිගැනීම තුළින් ද ඔබේ දඬුවම වෙනුවට ඔබේ සුවය තුළින්ද සැබැවින්ම මම ආරක්ෂාව පතමි. තවද මම ඔබෙන් වූ ආරක්ෂාවද ඔබෙන් පතමි. ඔබ ඔබව ප්‍රශංසා කළ පරිදිම ඔබට ප්‍රමාණවත් තරමට ප්‍රශංසා කිරීමට මට නො හැක.ෙ)
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත] - [صحيح مسلم - 486]
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය මෙසේ පවසා සිටියා ය. "මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අසළින් නිදාගෙන සිටියෙමි. රාත්‍රියේ දී එතුමාණන්ව මම නොදැක්කෙමි. එවිට කුටියේ එතුමාණන් සලාත් ඉටු කරන ස්ථානය මගේ අතින් මම අතපතගා බැලුවෙමි. එවිට එතුමා තම පාද සිටුවා තබමින් සුජූද් ඉරියව්වෙහි සිටියහ. එවිට එතුමාණෝ මෙසේ පවසා සිටියහ.
'අඌදු' (මම ආරක්ෂාව පතමි) මම ඔබෙන් ඉල්ලමි. 'බිරිළාක මින් සුහ්ඃතික' (ඔබේ තෘප්තිය තුළින් ඔබේ කෝපයෙන් ද) මා වෙත හා මාගේ සමූහයා වෙත 'ව' (තවද) මම ආරක්ෂාව පතමි. 'බිමුආෆාතික' ඔබේ අධික සමාව තුළින් 'මින් උකූබතික' ඔබේ දඬුවමින් ද ආරක්ෂාව පතමි. 'වඅඌදු බික මින්ක' (තවද මම ඔබෙන් ආරක්ෂාව පතමි.) ඔබේ අලංකාර ගුණාංග හා ඔබේ කීර්තිමත් ගුණාංග තුළින්. ඔබෙන් හැර වෙනත් කිසිවකුගෙන් ආරක්ෂාවක් නොමැත. එබැවින් සරණ පතන තැනක් හෝ රැකවරණය ලබන තැනක් හෝ අල්ලාහ් වෙත නැඹුරු වීමෙන් තොරව ලබන්නේ නැත. 'ලා උහ්සී සනාඅන් අලයික' (ප්‍රමාණවත් තරමට මා විසින් ඔබට ප්‍රශංසා කළ නො හැක.) මට නොහැකිය, ඔබේ ආශිර්වාද හා ඔබේ උපාකර ගණන් කිරීමට නොහැකි බැවින් ඒ සඳහා මා උත්සාහ දැරුව ද ඔබට හිමිවිය යුතු පරිදි සංඛ්‍යාවෙන් හා ගණනින් ළඟා විය නොහැක. 'අන්ත කමා අස්නයිත අලා නෆ්සික' ඔබ ගැන ඔබ ප්‍රශංසා කළ පරිදිම ඔබේ ප්‍රශංසාව ඔබට ගැළපෙන අයුරින් පිහිටා ඇත. එබැවින් ඔබට කරන ප්‍රශංසාවේ වගකීම පූර්ණව ඉටු කිරීමට හැකිවන්නේ කාහට ද?