عَنْ وَائِل بن حُجرٍ رضي الله عنه قَالَ:
صَلَّيْتُ مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَكَانَ يُسَلِّمُ عَنْ يَمِينِهِ: «السَّلَامُ عَلَيْكُمْ وَرَحْمَةُ اللَّهِ وَبَرَكَاتُهُ»، وَعَنْ شِمَالِهِ: «السَّلَامُ عَلَيْكُمْ وَرَحْمَةُ اللَّهِ».
[حسن] - [رواه أبو داود] - [سنن أبي داود: 997]
المزيــد ...
වාඉල් ඉබ්නු හුජ්ර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග සලාත් ඉටු කර ඇත්තෙමි. එතුමාණන් තම දකුණු දෙසට හැරී "අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු" යනුවෙන් ද වම් දෙසට හැරී "අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහ්" යනුවෙන් පවසා සලාම් දෙන්නෙකු වූහ.
[حسن] - [رواه أبو داود] - [سنن أبي داود - 997]
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම සලාතයෙන් බැහැරවීමට අවශ්‍ය නම් තම දකුණු දෙසට හා තම වම් දෙසට සලාම් පවසන්නෙකු වූහ. එහි දී 'අස්සාලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු' යැයි පවසා තම මුහුණ දකුණු දෙසට හරවා පසුව 'අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි' යැයි පවසා වම් දෙසට තම මුහුණ හරවනු ඇත.