නබි වදන් ලැයිස්තුව

“ජුමුආ දිනයේ ඉමාම් දේශනාව කරමින් සිටියදී ‘ඔබ නිහඬවනු’ යැයි නුඹ නුඹේ මිතුරාට පැවසූ විට සැබැවින්ම නුඹ එය නිෂ්ඵල කර ගත්තේය.”
عربي الإنجليزية الأوردية
“කවරෙකු ජනාබත් හෙවත් (මහා කිල්ලෙන්) අනිවාර්යය වන ස්නානය, ජුමුආ දිනයේ ස්නානය කොට පසුව ආරම්භක වේලාවේ උදෑසනම (ජුමුආ කටයුතු සඳහා) පිය නැගුවේ ද ඔහු ඔටුවකු පිළිගැන්වූවාක් මෙන් වන්නේය
عربي الإنجليزية الأوردية
“ඔබ අතරින් කවරෙකු ජුමුආ සඳහා පැමිණෙන්නේ ද ඔහු ස්නානය කළ යුතුය.”
عربي الإنجليزية الأوردية
“කවරෙකු වුළූ ධෝවනය කර, එම වුළූ ධෝවනය නිසි අයුරින් සිදු කර, පසුව ජුමුආ සඳහා පැමිණ නිහඬව එයට සවන් දුන්නේ ද ඔහු අතර හා ජුමුආ අතර මෙන්ම ඊට අමතරව තවත් දින තුනක සිදුවන දෑ සඳහා සමාව දෙනු ලබනු ඇත
عربي الإنجليزية الأوردية
කවරෙකු ජුමුආ දිනයේ වුළූ ධෝවනය කළේ ද එමගින් එය යහපත් විය. කවරෙකු ස්නානය කළේ ද එය වඩාත් උතුම්ය.
عربي الإنجليزية الأوردية
“ජුමුආ දිනයේ ස්නානය කිරීමත් කට පිරිසිදු කිරීමත් සුවඳ විළවුන් ඇත්නම් එය ගැල්වීමත් වැඩිවියට පත් සෑම කෙනෙකුටම අනිවාර්යය වන්නේය.”
عربي الإنجليزية الأوردية
මම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා සමග සලාත් ඉටු කරන්නෙකු වීමි. එතුමාගේ සලාතය මධ්යස්ථ විය. එමෙන්ම එතුමාගේ දේශනාව ද මධ්යස්ථ විය.
عربي الإنجليزية الأوردية
ජුමුආ දිනයේ ඉමාම් දේශනාව කරමින් සිටිය දී දණිස් සිටුවා පාද උදරයට තුරුල් කර ගනිමින් පසුපස පැත්තෙන් වාඩිවීමෙන් නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වැළැක්වූහ.
عربي الإنجليزية الأوردية
{හජ් වන්දනාකරුවන්ට ජලය සපයා, මස්ජිදුල් හරාමය පරිපාලනය කරන්නන්ව අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කොට අල්ලාහ්ගේ මාර් ගයේ කැපවූවන් මෙන් නුඹලා පත් කළෙහු ද? (සූරත් තව්බා: 19) පාඨයේ අවසානය දක්වා
عربي الإنجليزية الأوردية
මිනිසුන් සිකුරාදා දින නැමදුම නොසළකා හැරීමෙන් වැළකී සිටිය යුතුයි. එසේ නැතහොත් අල්ලාහ් ඔවුන්ගේ හදවත් මත මුද්‍රා තබනු ඇත. පසුව ඔවුන් නොසලකා හරින ලද පුද්ගලයින් අතරට පත්වනු ඇත
عربي الإنجليزية الإندونيسية
කවරෙකු නොසැලකිලිමත්කමින් ජුමුආ සලාත් වාර තුනක් මඟ හැරියේ ද අල්ලාහ් ඔහුගේ හදවත මත මුද්‍රා තබනු ඇත
عربي الإنجليزية الإندونيسية