عَنْ عَمْرِو بْنُ سُلَيْمٍ الأَنْصَارِيُّ قَالَ: أَشْهَدُ عَلَى أَبِي سَعِيدٍ قَالَ: أَشْهَدُ عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«الغُسْلُ يَوْمَ الجُمُعَةِ وَاجِبٌ عَلَى كُلِّ مُحْتَلِمٍ، وَأَنْ يَسْتَنَّ، وَأَنْ يَمَسَّ طِيبًا إِنْ وَجَدَ».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 880]
المزيــد ...

අම්ර් ඉබ්නු සලීම් අල් අන්සාරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: ඔහු: “මම අබූ සඊද් මත සාක්ෂි දරමින් පවසමි.” ඔහු “මම අල්ලාහ්ගේ දූතයාණන් මත සාක්ෂි දරමින් පවසමි” යැයි පවසා සිටි බව ප්‍රකාශ කර සිටියහ:
“ජුමුආ දිනයේ ස්නානය කිරීමත් කට පිරිසිදු කිරීමත් සුවඳ විළවුන් ඇත්නම් එය ගැල්වීමත් වැඩිවියට පත් සෑම කෙනෙකුටම අනිවාර්යය වන්නේය.”

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 880]

විවරණය

ජුමුආව අනිවාර්යය වූ වැඩිවියට පත් සෑම මුස්ලිම්වරයකුගේම වගකීම තුළ එය අනිවාර්යය වන අතර ජුමුආ දිනයේ ස්නානය කිරීමද වැදගත් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිළි කළහ. එමෙන්ම මිස්වාක් දැහැටියෙන් හා එවන් බුරුසුවකින් තම දත් මැද ගැනිමත් කවර සුවදක් වුව ද අත්තර් වැනි සුවද විළවුන් ගල්වා ගැනීමත් වැදගත් වන්නේය.

හදීසයේ හරය

  1. වැඩිවියට පත් සෑම මුස්ලිම් පිරිමියෙකු කෙරෙහිම ජුමුආ දිනයේ ස්නානය කිරීම වඩාත් වැදගත් සතුටුදායක කරුණක් වන්නේය.
  2. පිරිසිදු වීම හා පිළිකුල් සහගත දුර්ගන්ධ ඉවත් කිරීම ආගමික වශයෙන් මුස්ලිම්වරයකුගෙන් අපේක්ෂා කරනු ලැබේ.
  3. ජුමුආ දිනයට ගරු කිරීම හා ඒ සඳහා සූදානම් වීම.
  4. ජුමුආ සඳහා දත් පිරිසිදු කිරීම වැදගත් සතුටුදායක කරුණක් වේ.
  5. ජුමුආව සඳහා පිටත්ව යෑමට පෙර සුවඳවත්, කවර සුවඳ විළවුනකින් වුව ද සුවඳ ගල්වා ගැනීම සතුටුදායකය.
  6. කාන්තාවක් සලාතය සඳහා හෝ වෙනත් යම් හේතුවක් සඳහා හෝ ඇගේ නිවසින් ඇය පිටත්ව යන විට ඇය සුවඳ විළවුන් ගල්වා ගැනීම ඇයට අනුමත නැත. එය ඒ ගැන වන තහනම සුන්නාවේ සඳහන් ව ඇති බැවිනි.
  7. වැඩිවියට පත්වීම යනු ලක්ෂණ කිහිපයකින් මතුවීමය. ඉන් තුනක් පිරිමින් හා කාන්තාවන් දෙපිරිසට‍ම අදාල වේ. එනම්, පළමුවැන්න: වයස අවුරුදු පහළොව පූර්ණවත් වීම, දෙවැන්න: ලිංගෙන්ද්‍රිය වටා රෝම වැඩෙන විට, තුන්වැන්න: නින්දේදී හෝ කාමාශාවෙන් හෝ ශුක්‍රාණු පිටවීම, එය නින්දේදී සිදු නොවුව ද එසේමය. සිව්වැනි ලක්ෂණය: කාන්තාවට ඔසප් ඇති වීමය. කාන්තාවකට ඔසප් ඇති වූ විට, ඇය වැඩිවියට පත් වූ කාන්තාවක් බවට පත් වේ.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (54)
අමතර