عن عمرو بن سليم الأنصاري قال: أشهد على أبي سعيد قال: أشهد على رسول الله صلى الله عليه وسلم قال: «الغُسْل يوم الجمعة واجِب على كل مُحْتَلِمٍ، وأن يَسْتَنَّ، وأن يَمَسَّ طِيبًا إن وجَد».
[صحيح] - [متفق عليه]
المزيــد ...

අම්ර් ඉබ්නු සලීම් අල් අන්සාරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. ඔහු: "c2">“මම අබූ සඊද් මත සාක්ෂි දරමින් පවසමි.” ඔහු "c2">“අල්ලාහ්ගේ දූතයාණන් මත සාක්ෂි දරමින් පවසමි” යැයි පවසා: "c2">“ජුමුආ දිනයේ ස්නානය කිරීමත් කට පිරිසිදු කිරීමත් සුවඳ විළවුන් ඇත්නම් එය ගැල්වීමත් වැඩිවියට පත් සෑම කෙනෙකුටම අනිවාර්යය වන්නේය.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

අබූ සඊද් අල් කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පවසයි. මම අල්ලාහ්ගේ දූතයාණන් මත සාක්ෂි දරමින් පවසමි. එනම් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ගැන මනා දැනුමකින් හා විශ්වාසයකින් යුතුව ස්ථීර පැහැදිලි තොරතුරක් මම නුඹලාට දැනුම් දෙමි යන්නයි. සැබැවින්ම එතුමාණන් "c2">“ජුමුආ දිනයේ ස්නානය කිරීම... වැඩිවියට පත් සෑම කෙනෙකුටම අනිවාර්යය වන්නේය.” එනම්: ජුමුආ දිනයේ ස්නානය කිරීම පොදුවේ මුස්ලිම්වරුන් අතරින් වැඩිවියට පත් සෑම පිරිමියෙකු කෙරෙහිම ඔහු සංසර්ගයේ නිරත වුව ද එසේ නැති වුව ද එමෙන්ම ස්නානය අනිවාර්යය තත්ත්වයේ පසු වුව ද එසේ නැති වුව ද අති වැදගත් කරුණකි. මර්ෆූඃ ගණයෙන් වාර්තා වූ සමුරා ඉබ්නු ජුන්දුබ් (රළියල්ලාහු අන්හු) තුමාගේ හදීසය අනිවාර්යය භාවයෙන් එය ඉවත් කරයි. එනම් "c2">“කවරෙකු ජුමුආ දිනයේ වුළූ ධෝවනය කළේ ද එමගින් එය යහපත් විය. කවරෙකු ස්නානය කළේ ද එය වඩාත් උතුම්ය.” එනම් ජුමුආ දිනයේ වුළූ ධෝවනය පමණක් ගනිමින් කවරෙකු ප්රමාණවත් කර ගත්තේ ද සැබැවින්ම ඔහු අවාකය ලබා ගත්තේය. වුළූ ධෝවනය ඔහුට ප්රමාණවත් විය. එම අවකාශය යහපත් විය. කවරෙකු ස්නානය කළේ ද එම ස්නානය වඩාත් උතුම්ය. හේතුව සැබැවින්ම එය සතුටුදායක සුන්නාවක් වන බැවිණි. "c2">“කට පිරිසිදු කිරීමත්” යන ප්රකාශය වනාහි: දත් මැද පිරිසිදු කිරීම යන්නයි. එනම් කට හොඳින් මැද පිරිසිදු කිරීමයි. "c2">“සුවඳ විළවුන් ඇත්නම් එය ගැල්වීම” යන ප්රකාශය වනාහි: කවර හෝ සුවඳ විළවුන් භාවිත කරමින් සුවදවත් කර ගැනීමයි. පසු සඳහන්ව ඇති වාක්යය දෙක පළමු වාක්යය සමග බැඳෙයි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් ස්වාහිලි පශ්ටු ආසාමි السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර