1. මුල් පිටුව
  2. සංස්කරණ
  3. ආගමික නීති හා එහි මූලධර්ම

නබි වදනක් ජනාබත් හෙවත් ස්නානය කිරීම අනිවාර්යය කරන ‌අවස්ථාවක ස්නානය කරන ක්‍රමය.

عَنْ مَيْمُونَةُ أُمِّ المؤمِنينَ رضي الله عنها قَالتْ:
وَضَعْتُ لِلنَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ غُسْلًا، فَسَتَرْتُهُ بِثَوْبٍ، وَصَبَّ عَلَى يَدَيْهِ، فَغَسَلَهُمَا، ثُمَّ صَبَّ بِيَمِينِهِ عَلَى شِمَالِهِ، فَغَسَلَ فَرْجَهُ، فَضَرَبَ بِيَدِهِ الأَرْضَ، فَمَسَحَهَا، ثُمَّ غَسَلَهَا، فَمَضْمَضَ وَاسْتَنْشَقَ، وَغَسَلَ وَجْهَهُ وَذِرَاعَيْهِ، ثُمَّ صَبَّ عَلَى رَأْسِهِ وَأَفَاضَ عَلَى جَسَدِهِ، ثُمَّ تَنَحَّى، فَغَسَلَ قَدَمَيْهِ، فَنَاوَلْتُهُ ثَوْبًا فَلَمْ يَأْخُذْهُ، فَانْطَلَقَ وَهُوَ يَنْفُضُ يَدَيْهِ.

මුඃමින්වරුන්ගේ මෑණියක් වූ මයිමූනා බින්තු අල් හාරිස් (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී.
අල්ලාහ්ගේ දූත නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත (ජනාබත්) ස්නානය සඳහා මම ජලය ගෙනැවිත් එතුමාව වස්ත්‍රයකින් ආවරණය කළෙමි. එතුමාණෝ තම අත් දෙකට ජලය වක්කර ගෙන ඒ දෙක සෝදා ගත්හ. පසුව එතුමාණන් තම දකුණතින් තම වම් අතට ජලය වක්කර පසුව තම ලිගේන්‌‌ද්‍රිය සෝදා ගත්හ. පසුව තම අත පොළවෙ අතුල්ලා එය පිරිමැද එය සෝදා හැරයහ. පසුව කට කළත්වා පිරිසිදු කොට නාසයට ජලය යවා පිරිසිදු කොට තම මුහුණ හා තම අත් දෙක ද සෝදා ගත්හ. පසුව තම හිස මතට ජලය වක්කර තම ශරීරය පුරා ගලා යාමට සැලැස්වූහ. පසුව එතුමාණන්ගේ පාද දෙක සේදූහ. අනතුරුව මම ඇඳුමක් එතුමාණන්ට දුන්නෙමි. නමුත් එතුමාණන් එය ගත්තේ නැත. එතුමාණෝ තම අතින්ම ජලය පිස දැමූහ."

صحيح متفق عليه صحيح البخاري - 276

විවරණය

මුඃමින්වරුන්ගේ මෑණියක් වූ මයිමූනා බින්තු අල් හාරිස් (රළියල්ලාහු අන්හා) තුමිය විසින් ජනාබත් හෙවත් මහා කිල්ලෙන් අනිවාර්යය වූ ස්නානය නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ස්නානය කළ අයුරු මෙසේ දන්වා සිටියාය. ඇය එතුමාණන් ස්නානය කරනු පිණිස ජලය ගෙනැවිත් එතුමා තිරයකින් ආවරණය කළාය. පසුව පහත සඳහන් අයුරින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ක්‍රියා කළහ.
පළමුව: එතුමාණෝ තම අත් දෙක භාජනයට දෑමිමට පෙර අත් දෙක මත ජලය වක්කර සෝදා ගත්හ.
දෙවැන්න: එතුමාණන් තම දකුණතින් තම වම් අතට ජලය වක්කර පසුව තම ලිගේන්‌‌ද්‍රිය සෝදා ගත්හ. එය එහි තැවරී ඇති දෑ වලින් එය පිරිසිදු කර ගනු පිණිසය.
තුන්වැන්න: තම අත පොළවට (පස් මත) තබා එය පිරිමැද සෝදා හැරියහ. එය අත්වල තැවරුණු දෑ ඉවත් කරනු පිණිසය.
සිව්වැන්න: ජලය මුඛය තුළට යවා ‌එය කළත්වා පසුව එය විසිකර, කට පිරිසිදු කර ගත් අතර නාසයට ද එම ජලය යවා, පිරිසිදු කොට පසුව එය බැහැර කොට පිරිසිදු කර ගත්හ.
පස්වැන්න: තම මුහුණ හා තම අත් දෙක ද සෝදා ගත්හ.
හයවනුව: තම හිස මතට ජලය වක්කර ගත්හ.
හත්වනුව: තම ශරීරයේ ඉතිරි කොටස් මත ද ජලය ගලා යාමට සැලැස්වූහ.
අටවනුව: එතුමාණන් තමා සිටි ස්ථානයෙන් වෙනත් තැනකට ගොස් තම පාද දෙක සේදූහ. ඒ දෙක කළින් ‌සෝදා නොතිබුණු හේතුවෙන්ය.
පසුව පිසදමනු පිණිස ඇය එතුමාණන් වෙත රෙදි කඩක් ගෙනවිත් දුන් නමුත් එතුමාණන් එය ගත්තේ නැත. එතුමාණෝ තම අතින්ම ශරීරයේ තැවරී ඇති ජලය පිස දැමූහ.

හදීසයේ හරය

  1. සමූහයා දැනුම්වත් කරනු පිණිස නබි (සල්ල්ලලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ජීවිතයේ සිදු වූ සෑම කරුණක්ම ඉතා මැනවින් විස්තර කිරීම සඳහා එතුමාණන්ගේ බිරියන් තුළ තිබූ උනන්දුව.
  2. මෙම ස්නානය කිරීමේ ක්‍රමය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් අනිවාර්යය ස්නානයක දී පූර්ණ ස්නානයක් සිදු කළ යුතු අයුරු දන්වා සිටි ක්‍රම අතරින් එක් ක්‍රමයක් පමණි. වලංගු ක්‍රමය වනුයේ කට හා නාසය පිරිසිදු කිරීමත් සමග තම ශරීරය මුළුමණින් ආවරණය වන පරිදි ජලය වක්කිරීමය.
  3. ස්නානයෙන් පසු හෝ වුළූ දෝවනයෙන් පසු ශරීරය රෙදි කඩකින් පිස දැමීම හෝ නොදැමීම අනුමත කරුණකි.

අර්ථ කථන නිරීක්ෂණය

57 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
AZ Azərbaycan الأذربيجانية
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
KMR Kurmancî الكرمنجية