عن حمران مولى عثمان أنَّه رأى عثمان دعا بوَضُوء، فأفرَغ على يَدَيه مِن إنائه، فغَسَلهُما ثلاثَ مرَّات، ثمَّ أدخل يَمينَه في الوَضُوء، ثمَّ تَمضمَض واستَنشَق واستَنثَر، ثُمَّ غَسل وَجهه ثَلاثًا، ويديه إلى المرفقين ثلاثا، ثم مسح برأسه، ثمَّ غَسل كِلتا رجليه ثلاثًا، ثمَّ قال: رأيتُ النَّبِي صلى الله عليه وسلم يتوضَّأ نحو وُضوئي هذا، وقال: (من توضَّأ نحو وُضوئي هذا، ثمَّ صلَّى ركعتين، لا يحدِّث فِيهما نفسه غُفِر له ما تقدَّم من ذنبه).
[صحيح] - [متفق عليه]
المزيــد ...

උස්මාන් තුමාගේ සේවකයකු වූ හුම්රාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. ඇත්තෙන්ම උස්මාන් (රළියල්ලාහු අන්හු) තුමා (මගෙන්) ජලය ඉල්ලා සිටියේය. පසුව ඔහු එම බඳුනින් තම දෙඅත්ලට ජලය වක් කර තුන් වරක් සෝදා ගෙන; පසුව ජල බඳුනට දකුණත දැමුවේය. පසුව කට කලත්වා නාසයට ජලය යවා හොඳින් පිරිසිදු කළේය. පසුව තම මුහුණ තුන් වරක් සේදූවේය. පසුව තම දෙඅත් වැළමිට දක්වා තුන් වරක් සේදූවේය. පසුව තම හිස (ජලයෙන්) පිරිමැද්දේය. පසුව දෙපා වළලු කර දක්වා තුන් වරක් සේදූවේය. පසුව හෙතෙම ‘මා මේ කළ වුළූ ධෝවනය මෙන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) වුළූ කළ සැටි මා දුටුමි’ යැයි පවසා සිටියේය. තවදුරටත් එතුමා: කවරෙකු මා මේ වුළූ ධෝවනය කරන පරිදි වුළූ ධෝවනය කර; පසුව රකආත් වාර දෙකක් සලාතය ඉටු කර; ඒ දෙක තුළ තම මනසට කිසිවක් ඇති නොකරන්නේ ද ඔහු පෙර කළ ඔහුගේ පව්වලට ඔහුට සමාව දෙනු ලැබේ යැයි පවසා සිටියේය.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ වුළූවෙහි සම්පූර්ණ ක්රම වේදය මෙම මහඟු හදීසය අන්තර්ගත කර ගෙන ඇත. ඒ අනුව උස්මාන් (රළියල්ලාහු අන්හු) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ වුළූ ක්රමය ප්රායෝගික ක්රමයකින් ඉගැන්වීම ඔහුගේ අලංකාර ඉගැන්වීම හා පැහැදිලි කිරීම අවබෝධය ලබන්නට වඩාත් උචිත ඉගැන්වීමක් විය. හෙතෙම ජලය සහිත බඳුනක් ගෙන්වා ගෙන ඒ තුළට තම දෙඅත් නොදමා එය අපිරිසිදු නොවීමට වගබලා ගත්තේය. අත් දෙක පිරිසිදු කරන තෙක් තුන් වරක් ඒ දෙක මත වතුර වක් කළේය. ඔහු එම භාජනයට අත දැමුවේ ඉන්පසුවය. එමගින් ජල අහුරක් ගෙන ඉන් කට කලත්වා පිරිසිදු කර ගත්තේය. එමෙන්ම නාසයද පිරිසිදු කර ගත්තේය. පසුව තම මුහණ තුන් වරක් සෝදා ගත්තේය. පසුව වැළමිට ඇතුළුව තම අත් දෙක තුන්වරක් සෝදා ගත්තේය. පසුව තම හිස සම්පූර්ණයෙන්ම වරක් සෝදා ගත්තේය. පසුව ඔහුගේ දෙපා වළලු කර සමග තුන් වරක් සෝදා ගත්තේය. උස්මාන් තුමා මෙම පියවරවල් හා වුළූ ධෝවනය සම්පූර්ණයෙන් අවසන් කර ගත් කල්හි ඔවුනට මෙසේ දන්වා සිටියේය. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙම වුළූ ක්ර්මය හා සමානව වුළූ ගෙන ‘මේ වුළු ධෝවන මෙන් කවරෙකු වුළු ධෝවනය කොට තම ගෞරවනීය පරමාධිපති අබියස රකආත් වාර දෙකක් අවංක හදවතින් පිළිගන්වා භක්තිමත්ව ඉටු කරන්නේ ද සැබැවින්ම අල්ලාහ්ගේ භාග්යායෙන් මෙම සම්පූර්ණ වුළූ සඳහා ඔහු ඔහුට ප්රතිඵල පිරිනමනු ඇත. මෙම අවංක සලාතය ඔහු කළ පෙර පව්වලට සමාව ලැබෙන්නට හේතුවක් වන්නේය’ යැයි අවට සිටි ජනයාට පවසා සිටියහ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. ඇදහිලිවන්තයින්ගේ නායක උස්මාන් (රළියල්ලාහු අන්හු) තුමාගේ මහිමය හා දැනුම හා නබි චරිතය ප්රචලිත කිරීමේ එතුමාගේ උනන්දුව.
  2. ප්රායෝගික ක්රියාකාරකම් සමග ඉගැන්වීම වනාහි ඉතා හොඳින් වටහා ගන්නටත් ධාරණය කිරීමටත් ඉවහල් වනු ඇත.
  3. නින්දෙන් අවදි නොවූ තත්ත්වයක වුව ද වුළූ ආරම්භයේදී අත් දෙක භාජනය තුළට දැමීමට පෙර අත් දෙක සෝදා ගැනීම සතුටු දායකය. රාත්රී නින්දෙන් අවදි වූ අයකු නම් ඒ දෙක සෝදා ගැනීම අනිවාර්යය වේ.
  4. යමෙක් අල්ලාහ්ට නමස්කාර කර, ඒ සමගම මිනිසුන්ට ඉගැන්වීමට අදහස් කරන්නේ නම්, ඔහුගේ අවංකකමින් කිසිවක් අඩු නොවේ.
  5. දැනුම අවබෝධ කරදීම හා ශක්තිමත් කිරීම සඳහා ගුරුවරයා වඩාත් සමීපතම මාර්ග ඔස්සේ ගමන් කළ යුතු වේ.
  6. නැමදුම් සඳහා ඇතුල් වන තැනැත්තා ලෞකික කටයුතුවලට අදාළ සිතුවිලි වළක්වා ගත යුතු අතර ඒ සඳහා චෙතිසිකය සමග අරගල කළ යුතුය. සැබැවින්ම මිනිසා ඔහු සලාතය ඉටු කරන තත්ත්වයේ දී ඔහුව වෙනත් කටයුතුවල නිරත කරවන දෑ ඔහුට සිහිවනු ඇත.
  7. වුළුෑ ධෝවනයෙහි හා ශරීර අවයව සේදීම සදහා වුළූ ජලය පරිහරනය කිරීමේදී දකුණතට ප්රමුකත්වය දීම සතුටු දායකය.
  8. කට කළත්වා සේදීම, නාසයට ජලය යවා සේදීම හා නාසය ඉරීම වැනි කටයුතු අතර පිළිවෙළ ආගමානුගත කර ඇත්තේය.
  9. මුහුණ තුන්වරක් සේදීම.
  10. හිස සම්පූර්ණයෙන්ම එක් වරක් ජලයෙන් පිරිමැදීම.
  11. දෙපා වළලු කර ඇතුළු ව තුන් වරක් සේදීම.
  12. ඒවායෙහි පිළිවෙළ අනුගමනය කිරීම අනිවාර්යය වේ. සැබැවින්ම අල්ලාහ් හිස මස්හ් කිරීම දෙපා හා ඉතිරි අවයව සේදීම අතරට ඇතුළත් කර ඇත්තේය. එමගින් පිළිවෙළ අනිවාර්යය බව පෙන්වා දෙයි.
  13. මෙම ක්රමය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පරිපූර්ණ වුළූවෙහි ක්රමයයි.
  14. වුළූ ධෝවනයෙන් පසු සලාත් ඉටු කිරීම ආගමානුගත කරන ලද්දකි.
  15. සලාතයේ පූර්ණත්වය හා නිමාවට හේතු සාධකයක් වනුයේ සිත උත්තරීතර අල්ලාහ් ඉදිරියේ තැන්පත් කිරීමයි. එහිදී චිත්තපාරිශුද්ධත්වය උනන්දු කරවා ඇත. එමෙන්ම එහිදී ලෞකික කටයුතුවලදී නිරතවන්නාගෙන් සලාතය පිළිනොගැනෙන බව අවවාද කර ඇත. කවරෙකු සලාතයේ නිරතව සිටියදී ඔහුට ලෞකික සිතුවිලි ඇති වන්නේ ද එය ඔහු මැඩපවත්වාගත යුතුය. එවිට ඔහුට මෙම කුසල් ලැබීම අපේක්ෂා කළ හැක.
  16. අත් දෙක මැණික් කටුව ඇතුළුව තුන් වරක් සේදීම.
  17. කටයුතු දෙකක් පිළිවෙලට සිදු කිරීම තුළින් ප්රතිඥා දෙනු ලබන කුසල වනුයේ, සඳහන් කරනු ලැබූ ක්රමය අනුව වුළූ කිරීම හා ඉන්පසු සඳහන් කරනු ලැබූ ක්රමය අනුව රකආත් වාර දෙකක් සලාත් ඉටු කිරීමයි.
  18. බැතිමත් සිතින් වුළූ කිරීමෙහි හා රකආත් වාර දෙකක් සලාතය ඉටු කිරීමෙහි කුසල පෙර සිදු වූ පපාකම්වලට අල්ලාහ්ගෙන් සමාව ලැබීමය.
අමතර