عن أبي هريرة رضي الله عنه مرفوعاً: «من أطاعني فقد أطاع الله، ومن عصاني فقد عصى الله، ومن يطع الأمير فقد أطاعني، ومن يعص الأمير فقد عصاني».
[صحيح] - [متفق عليه]
المزيــد ...
අබූ හුරෙයිරා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “කවරෙකු මට අවනත වූයේ ද සැබැවින්ම ඔහු අල්ලාහ්ට අවනත විය. තවද කවරෙකු මට පිටුපෑවේ ද සැබැවින්ම ඔහු අල්ලාහ්ට පිටුපෑවේය. එමෙන්ම කවරෙකු ප්රධානියාට අවනත වන්නේ ද සැබැවින්ම ඔහු මට අවනත විය. තවද කවරෙකු ප්රධානියාට පිටු පාන්නේ ද සැබැවින්ම ඔහු මට පිටුපෑවේය.“
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]
තමන්ට අවනත වීම අල්ලාහ්ට අවනත වීම අතුරින් වූවකැයි නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැහැදිලි කළේය. එතුමාට හා එතුමාගේ සමූහයාට අල්ලාහ් ආගමානුගත කළ තීන්දුවක් මිස එතුමාගේ කැමැත්තට නියෝග නොකළහ. එය අල්ලාහ්ගේ ආගමික තීන්දුවයි. එහෙයින් කවරෙකු එතුමාට අවනත වූයේ ද සැබැවින්ම ඔහු අල්ලාහ්ට අවනත විය. එමෙන්ම කවරෙකු ඔහුට පිටුපෑවේ ද සැබැවින්ම ඔහු අල්ලාහ්ට පිටුපෑවේය. ප්රධානියා, නායකයා වනාහි මිනිසා ඔහුට අවනත වූ විට සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ දූතයාණන්ට -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- අවනත විය. එමෙන්ම ඔහු ඔහුට පිටුපාන විට සැබැවින් අල්ලාහ්ගේ දූතයාණන්ට පිටුපෑවේය. හේතුව හදීස් බොහෝමයක මේ පිළිබඳ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා නියෝග කර ඇති බැවිනි. නමුත් පාපකාරී කටයුත්තක් සඳහා ඔහු අණ කරන්නේ නම් හැර.