عَنْ حُذَيْفَةَ رَضيَ اللهُ عنهُ عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«إِنَّهَا سَتَكُونُ أُمَرَاءُ يَكْذِبُونَ وَيَظْلِمُونَ، فَمَنْ صَدَّقَهُمْ بِكَذِبِهِمْ وَأَعَانَهُمْ عَلَى ظُلْمِهِمْ فَلَيْسَ مِنَّي، وَلَسْتُ مِنْهُ، وَلَا يَرِدُ عَلَيَّ الْحَوْضَ، وَمَنْ لَمْ يُصَدِّقْهُمْ بِكَذِبِهِمْ وَلَمْ يُعِنْهُمْ عَلَى ظُلْمِهِمْ فَهُوَ مِنِّي، وَأَنَا مِنْهُ، وَسَيَرِدُ عَلَيَّ الْحَوْضَ».
[صحيح] - [رواه أحمد] - [مسند أحمد: 23260]
المزيــد ...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව හුදෙයිෆා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"සැබැවින්ම බොරු පවසන, අපරාධකම් කරන පාලකයින් මතු බිහිවනු ඇත. එබැවින් කවරෙකු ඔවුන්ගේ බොරුව සම්බන්ධයෙන් ඔවුන්ව සහතික කර ඔවුන්ගේ අපරාධකම්වලට ඔවුනට සහය දෙන්නේ ද ඔහු මගෙන් කෙනෙකු නොවන්නේ ය. මම ද ඔහුගෙන් කෙනෙකු නොවෙමි. මා වෙත ඇති (හවුළුල් කව්සර්) තටාකය වෙත ඔහු පැමිණෙන්නේ ද නැත. කවරෙකු ඔවුන් ගේ බොරුව සත්‍යය බව සහතික නොකර ඔවුන්ගේ අපරාධකම්වලට සහාය නොදෙන්නේ ද ඔහු මගෙන් කෙනෙකි. මම ද ඔහුගෙන් කෙනෙකි. මා වෙත ඇති තටාකය වෙත ඔහු පැමිණෙනු ඇත."
[පූර්ව සාධක සහිත හදීසයකි] - [අහ්මද් එය වාර්තා කර ඇත] - [مسند أحمد - 23260]
තමන්ගේ මරණයෙන් පසු බොරු පවසන පාලකයෝ ජනතාව අතර පත් වන බවත් ඔවුන් සිදු නොකරන දෑ පවසා සිටින බවත්, තීන්දු තීරණවල දී අපරාධකම් සිදු කරන බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා, කවරෙකු ඔවුන් වෙත පිවිස ඔවුන්ගේ බොරුව සහතික කර, අපරාධකාරී ක්‍රියාවට හෝ ප්‍රකාශයට ඔවුනට සහාය දෙන්නේ ද, සැබැවින්ම මම ඔහුගෙන් නිදොස් වූයෙමි. ඔහු මගෙන් කෙනෙකු නොවන අතර මම ද ඔහුගෙන් කෙනෙකු නොවෙමි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ හව්ලුල් කව්සර් හෙවත් මාගේ තටාකය වෙත ඔහු පැමිණෙන්නේ ද නැත. එමෙන්ම කවරෙකු ඔවුන් වෙත නො ගොස් ඔවුන්ගේ බොරුව සහතික නොකර, ඔවුන්ගේ අපරාධය සඳහා ඔවුනට සහාය නොදෙන්නේ ද ඔහු මගෙන් කෙනෙකි. මම ද ඔහුගෙන් කෙනෙකි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මා සතු වන තටාකය වෙත පැමිණෙනු ඇත.